gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කළ වැරදි සක්විති පිළිගනි

මුල්‍ය සමාගම් පනත උල්ලංඝනය කරමින් සමාගමක් පවත්වාගෙන යෑම සහ ඒ සඳහා ආධාර අනුබල දීම යන අධිචෝදනාවලට වරද පිළිගත් ප්‍රකට අමතර පන්ති ගුරුවරයෙකු වන අභයරණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර හෙවත් 'සක්විති රණසිංහ' නැමැත්තාට සහ ඔහුගේ හිටපු බිරිඳ කුමාරි අනුරාධනී නැමැත්තියට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ රුපියල් ලක්ෂ 18 බැගින් දඩ නියම කර තිබේ. 

එම දඩය නොගෙවන්නේ නම් මාස 24 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් ලබාදීමට ද විනිසුරුවරයා නියෝග කර ඇත.

2006 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මුල්‍ය සමාගමක් පවත්වාගෙන යෑම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් එම විත්තිකරුන් වෙත පවරා තිබූ නඩුවක් අද (12) දින කැඳවූ අවස්ථාවේ දී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ සහ ජ්‍යේෂ්ඨ නීතිඥ ගාමිණී අල්විස් කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරයා එකී චෝදනාවලට වරද පිළිගැනීමට අවසර ලබාදෙනු ලැබීය.
-aruna
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka