gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අභයාරාමයේ ලයිට් කපයි... මුරුත්තෙට්ටු හිමිගේ දැහැන් බිදේ...!

හිග විදුලි ගාස්තුවක් නොපිය වීම හේතුවෙන් නාරාහේන්පිට අභයාරාමයේ විදුලිය විසන්ධි කිරීමට පසුගිය පළවෙනිදා විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබේ. විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කරන්නේ රුපියල් 11,000ක හිගයක් තිබීම මත මෙසේ විදුලිය විසන්ධි කළේ පෙර දැනුම් දීමකින් පවා තොරව බවයි.

තමන් විහාරස්ථානය නොමැති අවස්ථාවක මෙලෙස විදුලි විසන්ධි කර ඇති බවත් දායක සභාවේ පුද්ගලයකු විසින් විදුලි බිල හා දඩ මුදල් ගෙවා ලබාගත් බවත් ආනන්ද හිමියෝ පැවසූහ.

නමුත් මේ ආකාරයෙන් විදුලිය විසන්ධි කිරීම විදුලි බල මණ්ඩලයේ නීති රීති වලට පටහැනි බැවින් ඒ ගැන පරීක්ෂණයක් සිදුකරන ලෙස ද හිමියන් ඉල්ලීමක් ද කර තිබේ.

විදුලිය විසන්ධි කිරීමට පෙර පාරිභෝගිකයාට රතු නිවේදනයක් මගින් දැනුවත් කළ යුතු බව වුවත් ඒ කිසිදු කාර්යයක් මෙහිදී සිදුව නැති බව ද හිමියෝ වැඩිදුරටත් පැවසූහ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka