gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සරසවි ඇදුරෝ 28 තීරණාත්මක රැස්වීමක! දැනටමත් 2,500ක් රට හැර ගිහින්!

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ නොවිසඳී ඇති බදු ප්‍රශ්න සහ වැටුප් ප්‍රශ්න වටමේස සාකච්ඡා 15කට පමණ සීමාවෙමින් විශ්වවිද්‍යාල අධ්‍යාපන තත්ත්වය පහත වැටෙමින් තිබෙන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය බරණ ජයවර්ධන මහතා පැවැසීය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ නොවිසඳී ඇති ප්‍රශ්නවලට අදාළව දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම සඳහා තම සම්මේලනයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් ලබන 28 වැනිදා කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද ඒ මහතා සඳහන් කළේය.


විශ්වවිද්‍යාලවලට අවශ්‍ය තරම් ප්‍රතිපාදන නොමැති වීමෙත් අධ්‍යාපන චාරිකා මෙන්ම පර්යේෂණ සඳහා අවශ්‍ය රසායන ද්‍රව්‍ය නොලැබීමත් යන හේතු මත විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දැඩි කලකිරීමට පත්ව ඇති බවයි ඔහු සඳහන් කළේ.

එම තත්ත්වය තවත් වසර 05ක් පැවැතියහොත් විශ්වවිද්‍යාලවලට තිබෙන විදේශ පිළිගැනීමද නැතිවන බව බරණ ජයවර්ධන මහතා පෙන්වා දුන්නේය.
2020 සිට මේ දක්වා ආචාර්යවරුන් 2,500ක් පමණ රට හැරගොස් ඇති බවත්, දැනට සිටින ආචාර්යවරුන් තුළින්ද රට හැර යෑමේ අදහස ඉවත්ව ගොස් නැති බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.


මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වැඩබලන සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන උඩවත්ත මහතාගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ රටේ ආර්ථිකය හොඳ වන විට මෙම ප්‍රශ්න විසඳෙනු ඇති බවය. සිය තනතුරටද රටේ ආර්ථික ප්‍රශ්න බලපාන බවද ඔහු සඳහන් කළේය.

ප්‍රේමලාල් විජේරත්න
මව්රට
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka