බංග්ලාදේශය සමග පැවති තරගය කඩුළු 03 කින් පරාජයට පත්වීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමිව ගියා.
එසේම, එම පරාජයත් සමග 2025 වසරේදී පැවැත්වෙන අයි.සී.සී. ශූරයින්ගේ කුසලානය සඳහා ඍජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාවද ශ්‍රී ලංකාවට බොහෝ දුරට මග හැරී යනු ඇති.
ලෝක කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ස්ථාන හතට පැමිණෙන කණ්ඩායම් ඒ සඳහා ඍජුව සුදුසුකම් ලැබීම ඊට හේතුවයි.
කෙසේ වෙතත්, මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය හමුවේ ලද පරාජයත් සමග ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 08 වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.
තරගාවලියේ ශ්‍රී ලංකාවට තවත් ඉතිරිව ඇත්තේ එක් තරගයක් පමණක් වන අතර, ඒ නවසීලන්තය සමග ලබන බ්‍රහස්පතින්දා බෙංගලූරු හිදී පැවැත්වෙන තරගයයි.
කෙසේ වෙතත්, මේ වනවිට කාලගුණ අංශ පවසන්නේ එදින තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය හැකි බවයි.
ඒ අනුව තරගය පැවැත්වීමට නොහැකි වුවහොත් ප්‍රසාද ලකුණ බැගින් කණ්ඩායම් දෙකටම බෙදී යනු ඇති.
එසේ වුවහොත් අයි.සී.සී. ශූරයින්ගේ කුසලානය සඳහා ඍජුව සුදුසුකම් ලැබීම පිළිබඳ ශ්‍රී ලංකා කණ්ඩායමට යම් බලාපොරොත්තුවක් තබාගත හැකියි.
එසේ නැතහොත් ශ්‍රී ලංකාව එම තරගයෙන් නවසීලන්තය පරාජයට පත් කළ යුතු වනවා.
එසේම, බංග්ලාදේශයට තරගාවලියේ ඉතිරිව පවතින අනෙක් තරගය ඔස්ට්‍රේලියාව හමුවේ අන්ත පරාජයකට ලක් වුවහොත්, දළ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු සටහනේ 07 වන ස්ථානය දක්වා පැමිණීමේ සියුම් අවස්ථාවක්ද පවතිනවා.
එවැන්නක් සිදුවුවහොත් නවසීලන්තයට ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීමේ වරම් අහිමි වී ගොස් පාකිස්තානයට එම අවස්ථාවට හිමිවීමේ වටපිටාවක් නිර්මාණය වනු ඇති.