gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ක්‍රිකට් විවාදයේ යෝජනාව සම්මත කරන්න හදන වෙලාවේ ජෙප්පො ලිස්සුවේ ඇයි?

දූෂිත ක්‍රිකට් පාලක මණ්ඩලයට එරෙහිව ගෙනා යෝජනාව පාර්ලිමේන්තුව තුළ සම්මත කළ අවස්තාවේ දී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පමණක් නොසිටීම සම්බන්ධව දැඩි අප්‍රසාදයක් ඊයේ  (09) පාර්ලිමේන්තුව තුළ මෙන්ම පිටතත් ඇති වි තිබිණි.

දූෂණයට වංචාවට එරෙහිව බරපතල හඬක් නගන බව පෙනෙන ජාතික ජන බලවේගය රටේ සමස්ථ ජනතාවම එක්  මතයක සිටින මොහොතක එය නියෝජනය කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ නොසිටීම  බලාපොරොත්තු නොවූවක් බව පාර්ලිමේන්තුව පිටත දී කියැවිනි.

දූෂිත ක්‍රිකට් පාලක මණ්ඩලයේ මුදලට වහල් වූ ශුද්ධවන්තයින් නිරුවත් වූ බවත් ක්‍රිකට් පාලක මණ්ඩලය ජාතික ජන බලවේගය මිල දී ගෙන ඇති බවටත් පාර්ලිමේන්තුව තුළ චෝදනා එල්ල විය.

මේ සම්බන්ධව ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ සිය පිළිතුරු කතාවෙන් ද මේ සිද්ධිය මතු කළේය.

ඇමතිවරයා කිවේ මෙසේය.

පාර්ලිමේන්තුවේ දෙපැත්තම එකතු වෙලා තියනවා. මම දන්නේ නෑ අද සමහර පක්ෂ මෙතන නැතුවම.  කීප දෙනෙක් හැර. සමහර විට 210 වෙන්න පුලුවන්. 215ක්  වෙන්න පුලුවන්.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රිවරු  ඇවිත් නෑ .  ජාතික ජන බලවේගය හැර, ජනතා විමුක්ති පෙරමුණ හැර අනික් පක්ෂ ඔක්කොම මෙතන ඉන්නවා.


අපි දන්නේ නෑ එතුමලා මේකට එකඟද මොකක්ද කියන එක. අපි දන්නේ නෑ. මේ රටේම මිනිස්සුන්ට ක්‍රීඩාවේ ප්‍රශ්නයක් තියෙද්දි ජනතා විමුක්ති පෙරමුණට විතරක් ක්‍රිකට් එක හොඳ උනාද කියන එක. හැබැයි  ඒක මට ප්‍රශ්නයක්. මේක තමයි ඇත්ත.

මේ පිළිබඳ ජාතික ජන බලවේගය පාර්ශවයෙන් කළ විමසීමකදී  ඔවුන් පවසන්නේ   විපක්ෂයෙන් යෝජනාව ගෙනැවිත්  ආණ්ඩු පක්ෂයෙන් ස්ථිර කළ පසු  එන පොදු අදහස   ඡන්දයක් නොමැති වීම බවය.

පක්ෂ නායක රැස්වීමෙත් එකඟතාවය එය බව එම පක්ෂය පැවසුවේය.  එබැවින් ඡන්දයක් පැවැත්වීමට ඉඩ තිබුණු බව පැවසීම අතාර්කික ව්‍යාජයක් බව ද ඔවුු පැවසූහ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka