සංචාරක ඇමැතිලා හොයාගන්නත් නෑ! සුද්දො වැඩියෙන්ම එන වාද්දුව කළුතර සංචාරක කලාප හාන්සියි! VIDEO
කළුතර සහ වාද්දුව ප්‍රදේශවල මාර්ග පද්ධති ජලයෙන් යටවීම හේතුවෙන් සංචාරක ව්‍යාපාරය දැඩි අවදානමකට ලක්ව ඇති බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර මහතා පවසනවා.
අද (04) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ රටේ ආර්ථිකයට ප්‍රධාන දායකත්වයක් ලබාදෙන සංචාරක ව්‍යාපාරය රැකගැනීමට නම් අදාළ ප්‍රදේශවල ජලය බැසයෑමට අවශ්‍ය පියවර වහාම ගතයුතු බවයි.
එසේ නොමැති වුවහොත් විදෙස් සංචාරකයන් එම ප්‍රදේශවලින් පිටව යනු ඇති බවද ඔහු අවධාරණය කළා.
සංචාරක ඇමැතිවරයා ඇතුළු බලධාරීන් මෙම ගැටලුවට මෙතෙක් නිසි විසඳුමක් ලබාදී නැති බවයි නිරුක්ෂ කුමාර මහතා පෙන්වා දෙන්නේ.
සංචාරක ඇමැතිලා හොයාගන්නත් නෑ! සුද්දො වැඩියෙන්ම එන වාද්දුව කළුතර සංචාරක කලාප හාන්සියි! VIDEO
2023-11-05T06:56:00+05:30
Gossip Lanka Hot News






