gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අයවැයෙන් මිල අඩු වන භාණ්ඩ ගැන මහින්දානන්ද හෙලි කරයි..

මෙවර අයවැයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පහක සහ භාණ්ඩ රැසක මිල පහල දමන ලෙස ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කර ඇති බව හිටපු අමාත්‍ය මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් (04) දින කියා සිටියේ පස්බාගේ කෝරළේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය රාජ්‍ය ආයතන රැසක් එක් කර ගනිමින් නාවලපිටිය නගරයේ සංවිධානය කර තිබු රන්මිණි දියවර සංස්කෘතික කලා මංගල්‍යයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් මෙවර අයවැයෙන් වැඩි කිරිමට රජය තිරණය කර තිබියදි ඇතැම් රාජ්‍ය සේවකයන් වෙනත් දේශපාලන පක්ෂවල උවමනාව මත වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණ වල නිරත වන බවයි.

එම උද්ඝෝෂණ වල නිරතව සිටි වැඩි පිරිසක් උපාධිදාරින් බවත්, එම උපාධිදාරින් උපාධි පත්විම ලබාගෙන වසර ගණනාවක් රැකියාවක් නොමැතිව සිටියදි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ රජයෙන් ඒ අය සදහා රජයේ රැකියාවන් ලබාදුන් බවයි.

උද්ඝෝෂණය කිරිමේ අයිතිය ජනතාවට තිබුණද එම උද්ඝෝෂණ සිදු කල යුත්තේ දේශපාලන වාසි ලබාගැනිමට නොව සැබැ අයිතින් දිනා ගැනිමට පමණක් බවයි.

උද්ඝෝෂණවලට බිය වි රජයක් සිදුකරගෙන යාමට නොහැකි බවත්, උද්ඝෝෂණය කිරිමේ අයිතිය ජනතාව මත තබා මෙවර අයවැයෙන් පසු ලබන වසර රටේ ජනතාවට සහනදායි වසරක් වශයෙන් පත් කිරිම තම රජයේ අරමුණ බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.

ඉන්ධන මිල වැඩි කිරිම නිසා මේ වන විට රටේ ඉන්ධන පරිභෝජනය අඩු වි ඇති බවත්, එමෙන්ම විදුලි බිල වැඩි කිරිම නිසා විදුලි පරිභෝජනයද අඩු වි ඇති බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

– රංජිත් රාජපක්ෂ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka