gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

හරක් කටාව පන්නන්න සැලසුම් කළ ප්‍රධාන ගෝලයෝ දෙන්නා මැලේසියාවේදී අත්අඩංගුවට ගනී!

හරක් කටා සහ කුඩු සළිදු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමට ප්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කළේ යැයි කියනු ලබන හරක් කටාගේ ප්‍රධාන ගෝලයන් වන මිදිගම චූටි සහ ජිලේ නමැති පාතාලයේ අපරාධකරුවන් දෙදෙනා මලයාසියාවේ දී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කරයි.

මෙතෙක් නිල වශයෙන් ඒ සම්බන්ධයෙන් තොරතුරු ලැබී නැතත් ඒ බව තහවුරුකර ගැනීමටත් ඔවුන්ව සැබෑ ලෙසම අත්අඩංගුවට ගෙන තිබේ නම් මෙරටට පිටුවහල්කර ගැනීමටත් අවශ්‍ය කටයුතු සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මොවුන් දෙදෙනාව මලයාසියාවේ දී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව ඇතැයි පැවසෙන්නේ පෙරේදා (25) දාය.
 
මොවුන් දෙදෙනා කාලයක්ම රැදී සිටියේ ඩුබායි හීය. පසුව ඔවුන් ඩුබායි සිට මලයාසියාවට ගොස් තිබුණු බව බුද්ධි අංශ අනාවරණයකරගෙන තිබුණි. ආරංචි මාර්ග අනාවරණයකරනු ලබන්නේ ඔවුන් දෙදෙනා නීතීඥ සහය ලබාගනිමින් ඩුබයිවලට පිටුවහල්කර ගැනීමට දැඩි උත්සහයක මේ වන විට නිරතව සිටින බවය.

dinamina


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka