ෂම්මි ඇතුලු කණ්ඩායම අද ’කෝප්’ එකට ගෙන්වයි! හඳුන්නෙත්තිගේ හා චරිතගේ පරණ කෝප් වාර්තා සියල්ල එළියට අදින්න ලෑස්තියි!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ. කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා සඳහන් කළේ, අද (14) පස්වරු 2ට ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බවය.
එහිදී විශේෂ වාර්තා 02ක් සහ මීට පෙර කෝප් කමිටු දෙකක සිදුකළ නිර්දේශ ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා පැවසුවේය.
මීට පෙර සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සභාපතිත්වය දැරූ කෝප් කමිටුවකට සහ චරිත හේරත් මන්ත්‍රීවරයා සභාපතිත්වය දැරූ කෝප් කමිටුවකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැඳවා තිබුණි.
මේ හේතුවෙන් විගණකාධිපතිවරයා අද සාකච්ඡාවට ඉදිරිපත් කරනු ලබන වාර්තාවෙහි මීට පෙර ක්‍රිකට් ආයතනයට සිදුකළ නිර්දේශ ද ඇතුළත් විය හැකි බව කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර මහතා සඳහන් කළේය.
ෂම්මි ඇතුලු කණ්ඩායම අද ’කෝප්’ එකට ගෙන්වයි! හඳුන්නෙත්තිගේ හා චරිතගේ පරණ කෝප් වාර්තා සියල්ල එළියට අදින්න ලෑස්තියි!
2023-11-14T08:02:00+05:30
Gossip Lanka Hot News






