gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රි ලංකාවේ විශාලතම බුද්ධ ප්‍රතිමාව ඉදිකරන හැටි චීනය කියයි

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ විශේෂ නියෝජිත, රාජ්‍ය මන්ත්‍රී ෂෙන් යිකින් (Shen Yiqin) මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාව වෙත චීනය ලබා දෙන අඛණ්ඩ සහයෝගය ඉතා ඉහළින් අගය කරන බවත්, චීනය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීමේ විශාල හැකියාවක් පවතින බවත් මෑත කාලීන ණය අර්බුදයෙන් පසු ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දුන් සහයට ස්තූතිවන්ත වන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.

සෘජු පෞද්ගලික ආයෝජන මෙන්ම කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ආයෝජන සහ අපනයනය, පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු තාක්ෂණ, අධ්‍යාපනය ආදී ක්ෂේත්‍ර සඳහා ආයෝජන මෙන්ම, පවතින ආර්ථික ප්‍රශ්නවලට දිගුකාලීන විසඳුම් ලබාදීම වෙනුවෙන් යටිතල පහසුකම් සංවර්ධනයට චීනයෙන් ලැබෙන්නා වූ සහයෝගය ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නා බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට පමණක් නොව අනෙකුත් ණය දෙන රටවලට සහ ජාත්‍යන්තර නියෝජිත ආයතනවලට චීනයේ සහයෝගය ලැබීම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සහාය වීම සඳහා විශ්වාසයක් ලබා දී ඇති බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

සමස්ත චීන කාන්තා සම්මේලනයේ සභාපතිනිය ද වන විශේෂ නියෝජිත ෂෙන් යිකින් මහත්මිය පැවසුවේ, ශ්‍රී ලංකාව චීනයේ සමීපතම මිතුරෙකු ලෙස සලකන බවත්, සහයෝගීතාව මෙන්ම නව ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමටත්, කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය, දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන්, අධ්‍යාපනය සහ කෘෂිකර්ම යන ක්ෂේත්‍ර පුළුල් කිරීමටත් බලාපොරොත්තු වන බවත්ය.

දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය දැකීමෙන් චීනය සතුටට පත්වන බව පැවසූ චීන රාජ්‍ය මන්ත්‍රීවරිය ආර්ථික අභියෝගවලට මුහුණ දීමේ ප්‍රයත්නයන් සඳහා චීනයේ අඛණ්ඩ සහයෝගය සහතික කළාය.

ජාත්‍යන්තර සමුළුවලදී ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සහය දැක්වීමේ චීන ස්ථාවරය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී විශේෂ සඳහනක් කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් ෂෙන් යිකින් (Shen Yiqin) මහත්මිය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ නිදහස සහ ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් චීනය සැමවිටම පෙනී සිටින බවයි.

මෙම හමුවේදී දීර්ඝකාලීන සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළ චීන තානාපති කිව් ෂෙන් හොං (Qi Zhenhong) මහතා ආගමික බැඳීම්වල කල්පවත්නා සංකේතයක් ලෙස ශ්‍රී ලංකාවේ විශාලතම බුද්ධ ප්‍රතිමාව ළඟදීම ඉදිකිරීමට චීනය යෝජනා කරන බව සඳහන් කළේය.

මෙම අවස්ථාවට චීන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, අශෝක ප්‍රියන්ත, ගීතා කුමාරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදර්ශන දෙණිපිටිය, යදාමිණි ගුණවර්ධන, රාජිකා වික්‍රමසිංහ, මුදිතා ද සොයිසා, මංජුලා දිසානායක, කෝකිලා ගුණවර්ධන, සහ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන අය එක්ව සිටියහ.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka