gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රාජපක්ෂවරුන්ට පළදුන්නේ මා සිරගත කිරීමට එරෙහි දිට්ඨ ධම්මවේදනීය කර්මයයි - ෆොන්සේකා

රාජපක්ෂවරුන්  තනතුරු ලබාදුන් විනිසුරුවන්ම ඔවුන්ට එරෙහිව තීරණදී ඇති බවත්, එය තමා සිරගත කිරීමට එරෙහිව ලැබුණු දිට්ඨ ධම්මවේදනීය කර්මය බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

හත්වැනි දිනටත් ඊයේ (21දා) පාර්ලිමේන්තුවේ පැවති 2024 අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

"අපි දැක්කා පසුගිය දවස්වල නඩු තීන්දුවක් ආවා. ඒ නඩු තීන්දුවෙන් මේ රටේ ආර්ථික ඝාතකයෝ කවුද කියලා ප්‍රකාශ කළා. ව
 
වැරදි කළමනාකරණය, වැරදි පරිපාලනය හරහා ඔවුන් මේ රටට ජාති ද්‍රෝහීන් වෙලා තියෙනවා. මෙතනදී මම තව දෙයක් මතක් කරන්න ඕන. මාව හිරේ දැම්මා අවුරුදු දෙකහමාරකට, ඒ නඩුව මෙහෙය වන්න  ආවා නියෝජ්‍ය සොලිසිටර් ජනරල් කෙනෙක් නීතිපති දෙපාර්තමේන්තුවේ. ඔහු කිව්වා මගේ බෑනා වරදක් කරලා තියෙනවා. ඒ වරද මම  දැනගෙන ඉඳලා තියෙනවා.ඒකට හේතුව ලෙස ඔහු පෙන්නුවේ මගේ දියණියගේ මඟුල් ගෙදර මම හමුදාපති කාලයේ හමුදාපති නිල නිවසේ ගත්ත නිසා බෑනාගේ ව්‍යාපාර මම දැනගෙන ඉන්න ඕන කිව්වා. මම ඇමෙරිකාවේ ගිහින් දවස් 04 ක් දියණියගේ නිවසේ රැදුණු නිසා බෑනාගේ ව්‍යාපාර ගැන මම දැනගෙන ඉන්න  ඕන කියලා කිව්වා.
 
යුද්දේ ඉවර වුණාට පස්සේ අපේ දරුවන්ට පිටරටදී ආරක්‍ෂාවක් දීලා තිබුණා.එහිදී මේ ව්‍යාපාර ගැන මම අනිවාර්යයෙන්ම දැනගෙන හිටියා කියලා මාව හිරේ දැම්මා.ඒ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්  තමයි එක ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස පත් වෙලා ගියා. ඔහුට තෑග්ගක් ලෙස ඒ පත්වීම දුන්නා.අද ඒ තෑග්ග ලබා ගත්ත පුද්ගලයා කියලා තියෙනවා රාජපක්ෂවරු  මේකට වගකියන්න ඕන කියලා. මේක තමයි දිට්ඨ ධම්මවේදනීය කර්මය කියන්නේ, හෙන්චයියෝ ගැලවිලා ගිහින් මේ රාජපක්ෂවරුන්ගේ  පැත්තට ඇඟිල්ල දිගු කරන්න කටයුතු කරලා තියෙනවා.”

දිනේෂ් සමරකෝන්


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka