gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ 2/3 මෛත්‍රී ගලවයි – බල පෙරළියක් ළගදීම!

ශ්‍රි.ල.නි.ප. සභාපති හිටපු ජනාධිපති මෛත්‍රී අයවැයට විරුද්ධයි.

පැවති ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්ද 122ක්වි හිමි වූ අතර විපක්ෂව හිමි වුයේ ඡන්ද 77ක් පමණයි.

මෙහිදි ශ්‍රි.ල.නි.ප. සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ශ්‍රී. ල. නි.ප. මන්ත්‍රිවරු පස් දෙනෙක් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර ජතික සංවිධායක දුමින්ද දිසානායක සහ ආණ්ඩුවේ ඇමතිකම් දරන ශ්‍රී.ල.නි.ප. ඇමතිවරු අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කරන ලදී.

මේ අතර මීට දින 03කට පෙර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමාට ලබා දී තිබූ කාලය තුළ ඉතාමත් උද්වේගකර කතාවක් සිදු කළ අතර එය ළගදීම සිදු වෙනු ඇතැයි සදහන් වන බල පෙරළියක ඉගියක් බව දේශපාලන විචාරකයින් කියා සිටී.

මේ පිළිබදව පක්ෂයේ ජේෂ්ඨ සාමාජියෙක් අපට පැවසුවේ පක්ෂයේ සභාපති මෛත්‍රි ජනාධිපතිතුමා අයවැයෙන් ජනතාවට සහන දෙනවාට විරුද්ධ නැති බවත් එහෙත් ජනතාව මත අසාධාරන බදු පැනවීමට විරුද්ධ බවයි. පක්ෂවේ සභාපතිතුමාගේ සහ පාක්ෂිකයන්ගේ මතයට විරුද්ධව රනිල් , රාජපක්ෂ හවුලට පක්ෂව අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කල අය මෑතකදි පක්ෂයෙන් ඉවත් කල අය බවත් අධිකරණය දුන් තීන්දුවෙන් පසු යලි පක්ෂයට පැමිණි අය බවත් ඔහු ප්‍රකාශ කරන ලදී.

ඉදිරියෙදී පවත්වන ජනාධිපතිවරණයදී ශ්‍රී.ල.නි.පක්ෂය මෛත්‍රි ජනාධිපතිතුමා ඒ සදහා ඉදිරිපත් කරන බවත් එවිට මේ කණ්ඩායමේ සැබෑ තත්වය බලාගත හැකි බවත් ප්‍රකාශ කල අතර මෛත්‍රි ජනාධිපතිතුමා හොරකම් නොකරන ,කොමිස් වලට යට නොවන සැඛෑ ලෙසම ජනතාවට ,රටට ආදරය කරන ,කිසිවෙකුට අයුතු බලපෑම් නොකරන මුදලට විකිණෙන් නැති නායකයෙක් බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

ඒ අනුව 2024 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 45කින් සම්මත වුණා.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka