යෝෂිත මුණුපුරා ඩේසි ආච්චිගේ නමට ගත් දෙහිවල ඉඩමේ නඩුව ලබන අවුරුද්දේ මැයි 31ට කල් යයි
හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ විසින් ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස් ගේ නමට රුපියල් මිලියන පනහක් වටිනා දෙහිවල මිහිඳු මාවතේ පිහිටි ඉඩමක් මිලට ගැනීම සම්බන්ධව ගොනුකර ඇති නඩුවට අද (24) කැඳවූ අවස්ථාවේ දී එම නඩුව යළි කැඳවීම ලබන වසරේ මැයි මස 31 වන දින දක්වා කල් ගියේය.
එමෙන්ම නඩුවට අදාළව නීතිපති උපදෙස් සඳහා සිහිකැඳවීමක් යොමු කරන්නැයි ද ගල්කිස්ස මහේස්ත්‍රාත් කෝසල සේනාධීර (24) නියෝග කළේය.
අයථා මාර්ගයෙන් උපයා ගත් සැක සහිත මුදල් ව්‍යාපාර කටයුතුවලට සහ දේපළ මිල දී ගැනීමේ කටයුතු සදහා භාවිතා කළ බවට චෝදනා එල්ල කරමින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මේ නඩුව සැකකරුවන්ට එරෙහිව ගොනුකර ඇත.
සැකකාර යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස් යන අය අද (24) අධිකරණය ඉදිරියේ පෙනි සිටියහ.
අයථා මාර්ගයෙන් උපයා ගත් සැක සහිත මුදල් ව්‍යාපාර කටයුතුවලට සහ දේපළ මිල දී ගැනීමේ කටයුතු සදහා භාවිතා කළ බවට චෝදනා එල්ල කරමින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මේ නඩුව සැකකරුවන්ට එරෙහිව ගොනුකර ඇත.
සැකකාර යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස් යන අය අද (24) අධිකරණය ඉදිරියේ පෙනි සිටියහ.
යෝෂිත මුණුපුරා ඩේසි ආච්චිගේ නමට ගත් දෙහිවල ඉඩමේ නඩුව ලබන අවුරුද්දේ මැයි 31ට කල් යයි
2023-11-24T15:22:00+05:30
Gossip Lanka Hot News