gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පොහොට්ටුවෙන් එළියට බැස්ස වෘත්තීය සමිති නායකයන් නව සන්ධාන කාර්යාලයේදී ගැහුව අමුතු ගේම් එක මෙන්න

නව සන්ධානයට සහයෝගය දෙන වෘත්තීය සමිති නායකයන්ගේ විශේෂ හමුවක් පසුගියදා රාජගිරිය පිහිටි පක්ෂ මුලස්ථානයේදී පැවැත්වුණා. මේ සඳහා ජල සම්පාදන, ප්‍රවාහන,අධ්‍යාපන, ජනමාධ්‍ය, වෘත්තීය පුහුණු,ධීවර යන ශේෂ්ත්‍ර නියෝජනය කරමින් වෘත්තීය පුහුණු නායකයන් පනහකට අසන්න සංඛ්‍යාවක් එක්ව සිටියා.

පක්ෂ කාර්යාලය නියෝජනය කරමින් සුගීශ්වර බණ්ඩාර,සිරිපාල අමරසිංහ,අසංක ශ්‍රීනාත් සහ නීතිවේදීන් පිරිසක්ද එක්ව වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතාගේ සහ දේශපාලන මණ්ඩලයේ යෝජවකට අනුව ක්‍රියාත්මක කිරීමට නියමිත පක්ෂ වෘත්තීය සමිති නියෝජය කිරීමේදී එහි සාමාජිකයින් පක්ෂයට ලබා දෙන මුදල් නව සන්ධානය ලබා නොගැනීමට ගෙන ඇති තීරණය මෙහිදී සිරිපාල අමරසිංහ මහතා විසින් වෘත්තීය සමිති නායකයින්ට පැහැදිලි කළා.

එම යෝජනාවට වෘත්තීය සමිති නියෝජිතයින් ප්‍රීති ගෝසා නැගුවා.

වෘත්තීය සමිති ව්‍යාපාරයකින් පක්ෂ සාමාජික අරමුදලක් ප්‍රතික්ෂේප කරමින් මෙවැනි බලවේගයක් ගොඩ නගන්නේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට වීමද විශේෂත්වයක්.

“පොහොට්ටුවේ අරමුදලේ අපේ අහිංසක සේවක සේවිකාවන්ගේ සාමාජික මුදල් කෝටී ගානක් තියනවා,සාගර එක ලියුමකින් මේ ඔක්කොම වෘත්තීය සමිති වලට ගන්න එක තහනම් කරලා,අපි මේකට ළඟදීම උසාවි යනවා”වෘත්තීය සමිති නායකයෙකු කිව්වා.

“අපි අපේ සන්ධානයට සත පහක් වෘත්තීය සමිතිවලින් ගන්නේ නෑ,ඒ මුදල් ටිකත් ඔයාලගේ වැඩ වලට තියාගන්න,අපේ වෙනස එකයි”සිරිපාල අමරසිංහ මහතා කිව්වා.

අනතුරුව ඉදිරි දේශපාලන කටයුතු සහ වත්මන් දේශපාලන ගැටළු පිළිබඳවද සාකච්චා කල අතර ඉදිරියේ එන ඕනෑම මැතිවරණයකදී නව සන්ධානයට සහාය දෙන බව ඔවුන් එහිදී අවධාරණය කළා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka