gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ජනාධිපතිව එලෙව්වේ රැට්ටා බට්ටා සුට්ටා... සජිත් දුවන්න පුළුවන් නිසා බේරුනා - රෝහිත අබේගුණවර්ධන (VIDEO)

රටේ නීතිය අතට ගන්න එන්නේ නීති විරෝධීව වැඩ කරන පුද්ගලයින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා පැවසුවේ, කිසිවෙකුටවත් කැළෑ නීතිය රජ කරවීමට ඉඩ ලබා නොදිය යුතු බවයි.

“රටේ ජනාධිපතිවරයෙක්ව එළවන්න පුළුවන් වෙනවා අර රැට්ටයි, බට්ටටයි, සුට්ටටයි එක්කහු වෙලා.. මේ රටට ගිය කල.. තව දවස් දෙක තුනක් ගියා නම් කතානායකතුමනි ඔබතුමා ඇතුළු මේ පාර්ලිමේන්තුව නැහැ.. මේ පාර්ලිමේන්තුව ගිනි තියනවා. ඒ විතරක් ඊට පස්සේ යන්නේ අධිකරණයට.. ඊට පස්සේ මේ රටේ යමක් කමක් තිබුණු මිනිස්සු හිටියා නම් එ මිනිස්සු ගාවට යන්නේ.. දැන් බලන්න උදාහරණයක් හැටියට අපේ විපක්ෂ නායකතුමා, අරගලය ගාවට ගියා.. මොකක්ද වුණේ?..එතුමාට හොඳට දුවන්න පුළුවන් නිසා බේරුණා.. එහෙම නොවුණා නම් මොකක්ද වෙන්නේ අපිට විපක්ෂ නායකවරයෙක් නැහැ.. මේවා සිද්ධ වෙන්න දෙන්න බැහැ. එතුමා හොඳ Runner කෙනෙක්.. හොඳට දිව්වා.. දුවපු නිසා බේරුණා.. අපි වගේ කෙනෙක් ගියා නම් බේරෙන්න බෑ.. මොකද අපිට ඒ තරම් හයියෙන් දුවන්න බෑ. පිටිපස්සේ කෙලා දිව්වා ඊට වැඩියෙන්.. ඉතිං කමක් නෑ.. මම කියන්නේ මෙන්න මේක නවත්වන්න ඔ්නේ.. මේ ක්‍රමය නවත්වන්න ඕනේ.. මේ කැළෑ නීතිය නවත්වන්න ඕනේ.. රටේ නීතිය අතට ගන්න දෙන්න එපා.. පොලිස්පතිතුමනි, ඔබ තුමා ඇතුළු සියලුම පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලනවා හමුදාපතිතුමන්ලාගෙන් ඉල්ලනවා, රටේ නීතිය මේ ඉන්න එක එක ජරා සත්තුන්ට අතට ගන්න දෙන්න එපා.. නීතිය වල්වැදෙනවා.. නීතිය අතට ගන්න එන්නේ නීති විරෝධි වැඩ කරන මිනිස්සු..”


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka