gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

රනිල්,සජිත්,අනුර ජනාධිපති සටනට ආවොත් වෙන දේ මෙන්න

නව සන්ධානයේ දේශපාලන මණ්ඩල නියෝජිතයන් පිරිසක් පසුගියදා පාර්ලිමේන්තුවේ පිහිටි නලින් ප්‍රනාන්දු ඇමතිවරයාගේ කාමරයේ රැස්වී අයවැය ගැන මෙන්ම වත්මන් දේශපාලන කරුණු කාරණා ගැන කතාබහ කළා.

“පාර්ලිමේන්තුවේ විනය දැන්නම් හොඳටම පිරිහෙලා,මේ ක්‍රමය වෙනස් නොවුනහොත් ඒක මේ පාර්ලිමේන්තුවේ ගෞරවයට කරන ලොකු හානියක්” අනුර යාපා පසුගිය දින පාර්ලිමේන්තුවේ ඇතිවූ කාලගෝට්ටිය සිහිකරමින් කියල තියනවා.

“ඔව් ඒකනම් ඇත්ත,ඕක දෙපැත්තේම ය කරනවා අමුතුවෙන් හැසිරීම ගැන කියල දෙන්න කතානායකතුමාට තියෙන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ ඉස්කෝලයක් දාන්න තමයි“ලසන්ත අලගියවන්න කිවවා.

“ජනාධිපතිතුමා කිව්ව් විදියට ඉස්සරහට එන්නේ චන්ද වර්ෂයක් අපි කණ්ඩායමක් විදිහට දැන් එකට සුදානම් වෙන්න වෙනවා“නලින් ප්‍රනාන්දු එහෙම කියල.

“අනුරලා නම් දැන්ම සමික්ෂනයකුත් කරලලු”අමරවිරද කතාබහට එක්වුණා.

“අද මේ ඔක්කොටම අවුරුද්දකට කලින් රට තිබ්බ තැන අමතක වෙලා කොයි සමීක්ෂණ ආවත් රනිල්,සජිත්,අනුර ගත්තොත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉස්සරහයින්ම ඉන්නවා එකනේ යථාර්තය “නිමල් ලන්සා කිවේ ගණන් හිලව් කිහිපයක්ද ගෙනහැර පාමින්.

“ඔව් ඔව් ලංස කිව්ව කතාව හරි දැන් විපක්ෂෙට ලොකු බයක් තියනවා ජනාධිපතිතුමා මේ ගේම් එක ස්කෝර් කරයි කියල එකයි මේ ආණ්ඩුවේ හැම එකටම විරුද්ධ වෙන්නේ“ජෝන් සෙනෙවිරත්න මහතා කිව්වා.

“අපි විපක්ෂය ගහන මේ මඩ ප්‍රචාර වලට උත්තර දෙන්න ඕනෑ,පොහොට්ටුව වගේ නිකන් ඉඳල හරියන්නේ නෑ“දුමින්ද දිසානායකත් එහෙම කියල.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka