gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අර්ජුන බොරු කී බව රනිල් විදෙස් මාධ්‍යට කියයි

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ. ෂා විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලනය කරන්නේ යයි එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඉන්දීය නාළිකාවක් සමඟ පැවති සාකච්ඡාවක දී ඔහු මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා මෑතකදී චෝදනා කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය කරනු ලබන්නේ ඉන්දීය පාලක මණ්ඩලයේ ලේකම් විසින් බවයි.

“ඔවුන් හිතන්නේ ෂා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට උදව් කරන බවයි. මම ෂා ට කතා කළා, කනගාටුව ප්‍රකාශ කළා ඔහුගේ නම මේ ප්‍රශ්නයට ඈඳීම ගැන.

මගේ ස්ථාවරය තමයි නීත්‍යානුකූල පාර්ශ්වයට මම සහාය දෙනවා. ඒ මේ කණ්ඩායම නම් ඔවුන්ට මගේ සහාය ලැබෙනවා. එසේම නීත්‍යානුකූල කණ්ඩායම අනෙක් අය නම්, මම ඔවුන්ට සහාය දෙනවා. නීත්‍යානුකූල වන්නේ තුන්වැනි කණ්ඩායමක් නම් මම සහාය වන්නේ ඔවුන්ට. එය මම නොවෙයි තීරණය කරන්නේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින්”


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka