අතුරු කමිටුව ගැන ජනපති දැනුවත් නෑ - වෙච්ච දේ ගැන කතා කරන්න කැබිනට් මණ්ඩලය සූදානම් වෙයි!
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවමින් අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (06) සවස පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.
අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මෙවැනි කමිටුවක් පත්කරන බව ජනාධිපතිවරයා දැනුවත්ව නොසිටි බවය.
එමෙන්ම නව අතුරු කමිටුවට පත්කළ සාමාජිකයින් පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කර නොමැති බවද වාර්තා වේ.
මේ පිළිබඳව විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහව සම්බන්ධ කරගැනීමට උත්සාහ දැරුවත් එය මේ දක්වා සාර්ථක වී නොමැති බවද වාර්තා වේ.
අතුරු කමිටුව ගැන ජනපති දැනුවත් නෑ - වෙච්ච දේ ගැන කතා කරන්න කැබිනට් මණ්ඩලය සූදානම් වෙයි!
2023-11-06T11:31:00+05:30
Gossip Lanka Hot News






