*නීති විරෝධීව පත්කළ ක්‍රිකට් තේරිම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ප්‍රශ්න පත්‍රයක් හදයි… ඔහු තොරපු කණ්ඩායම්වල නීත්‍යානුකූල භාවය ගැනත් ප්‍රශ්න ඇති වෙලා…
*බුකි කාරයන් ගැන, තරග පාවා දෙන්නන් ගැන දැනුවත් බව ප්‍රකාශ කරමින් ප්‍රමෝද්‍ය කී ක්‍රිකට් කුමන්ත්‍රණය ගැන පරීක්ෂණයකට ක්‍රීඩා වැරදි විමර්ශන ඒකකයටත් කැඳවලා…
*ක්‍රිකට් පරාජයට හේතුව කුමන්ත්‍රණයක් බව කියූ තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහට දැන් ඒ බව හෙළි කිරීමට ක්‍රීඩාවේ වැරදි විමර්ශන කෙරෙන ඒකකයට යාමට සිදුව ඇත.
ඒ ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ විසින් වහාම එය සොයා බලන ලෙස එම ඒකකයට දන්වා සිටීම නිසාය. මේ අතර ප්‍රමෝද්‍ය ගැන තවත් හෙළිදරව්වක් වාර්තා වේ.
ඒ ඔහුගේ පත්වීම නීත්‍යානුකූල පත්වීමක් නොවන බවයි.
ලංකාවේ ක්‍රිකට් ඇතුළු ඕනෑම ක්‍රීඩා සංගමයක තේරීම් කමිටුව සඳහා ක්‍රීඩා ඇමතිවරයාට නිර්දේශ කරනු ලබන ජාතික තේරීම් කමිටුව විසින් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ නම අනුමත කර නොමැති වීමයි.
ලුතිනන් ජනරාල් සවේන්ද්‍ර සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික තේරීම් කමිටුවට යොමු කරන ලද ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ නම සභාපති ලෙස යෝජනා කරන ලද ක්‍රිකට් තේරීම් කමිටුව ගැන සළකා බැලූ ජාතික ක්‍රීඩා සභාව ප්‍රමෝද්‍යගේ නමට විරුද්ධ වී ඇත.
එනිසා ක්‍රිකට් තේරීම් කමිටුව නම් කිරීම සති ගණනකින් පමා විය. මේ තත්වය තුළ ජාතික ක්‍රීඩා සභාවේ විරෝධය නොතකා එවකට ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ සිදුකර ඇත්තේ එවකට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන ලවා ප්රමෝද්යයගේ නම නිර්දේශ කර තම අනුමැතිය ලබා දීමය. එය නීත්‍යානුකූල නොවේ. අනුමැතිය දිය යුත්තේ ජාතික තේරීම් සභාවේ සභාපතිවරයාය
ඉන් පසු ප්‍රමෝද්‍ය සහභාගි වූ සංචාරවලට මහේල ලවා අනුමැතිය ලබා ගෙන තිබීමද විශේෂ සිද්ධියකි
එහෙත් තවමත් ඒ සඳහා තිබිය යුතු ජාතික තේරීම් සභාවේ සභාපතිවරයාගේ අත්සන ලැබී නොමැත.
එසේ නොමැතිව ක්‍රීඩා ඇමතිවරයාට ඔවුන් පත් කිරීම කළ නොහැක.
එනිසා තවමත් ප්‍රමෝද්‍යගේ පත්වීම නීත්‍යානුකූල නොවන අතර ඒ හේතුවෙන් ඔහු විසින් කරන ලද සියලුම තේරීම් වලද නීත්‍යානුකූල භාවය පිළිබඳ ගැටළුවක් පවතී.
එසේ නම් ඔහු ක්‍රිකට් විධායක සභාවේ සිටිමින් සංචාර වල නිරත වීම හා ඒ සඳහා ඩොලර් දීමනා ලබා ගැනීමත් ගැටළුකාරී බව නීතිවිශාරදයෙක් පැවසීය.
ලංකාසර