gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජාතික රෝහලේ වහලය මත බෙහෙත් හංගන අනඟ නිළධාරිනිය රකින අදිසි හස්තය පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

කොළඹ ජාතික රෝහලේ සිදුව ඇති වංචා දුෂණ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයාගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කර අදාළ චංචාව සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් මාස දෙකක් තුළ ලබා දෙන ලෙස පාර්ලිමේන්තුවේ කෝපා අනුකමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මහතා නියෝග කර තිබෙනවා.

2022 වසරේදී සිදුකළ විගණනකදී කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාරයක සිවිලිමක සගවා තිබියදී සොයාගත් ශල්‍ය පරිභෝජන ද්‍රව්‍යවලට අදාළ සිද්ධි‍යට සම්බන්ධ සේවකයන්ට අදාළ විනය ක්‍රියාමාර්ග කඩිනම් නොකිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේ කෝපා කමිටුවේ දැඩි අවධානය යොමු වූ අවස්ථාවේ මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ජාතික රෝහලෙන් කමිටුවක් පත් කර විමර්ශනයක් සිදු කරගෙන යන බවත් ඒ අනුව චූදිත නිලධාරිනියක වැඩ තහනමකට ලක් කර ඇති බවත් නිලධාරීන් පැවසුව ද මීට සම්බන්ධ අනෙකුත් නිලධාරිනියගේ වැඩ තහනම් කිරීම ප්‍රමාද වීම, තොග පොත් එම සිද්ධිය වූ වහාම සිය භාරයට ගෙන නිසි පරිදි ක්‍රියාත්මක නොවීම බරපතල ගැටලුවක් බව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙහිදී පෙන්වා දී ඇත.

එම තත්ත්වයන් නිසා විමර්ශනයකදී හෝ අධිකරණයකදී ඔවුන් නැවත නිවැරදිකරුවන් බවට පත්වීමේ වැඩි ඉඩක් පවතින බවත්, දූෂණ අක්‍රමිකතා නැවැත්වීම සදහා මෙම තත්ත්වය බාධාවක් බවත් ඔවුන් අවධාරණය කර තිබෙනවා.

වසර 10 ක් මුළුල්ලේ මෙම නිලධාරිනිය විසින් මෙලෙස වංචාවන් සිදුකර ඇති බවටත් මෙහිදී අනාවරණය වී ඇත.

එහෙත් මෙපමණ කාලයක් මෙවැනි චංචාවන් සිදු වන්නේ පවතින පරිපාලනයේ දුර්වලතා නිසා බවද මෙහිදී අවධාරණය කෝපා කමිටුව අවධාරණය කළා.

රෝහල්වල උපකරණ හා ද්‍රව්‍ය නිකුත් කිරීමේ නිසි අධීක්ෂණ ක්‍රමවේදයක් (Cross check) ක්‍රියාත්මක නොවීම නිසා මෙවැනි දීර්ඝ කාලීන වංචාවන් සිදුවී ඇති බව පෙන්වා දුන් අනුකමිටුව ඉදිරි‍යේදී තවත් රෝහල්වලත් මෙවැනි චංචා සිදුවීම වළක්වා ගැනීම සදහා නිසි කළමනාකරණ ක්‍රමවේදයක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ද උපදෙස් දී තිබෙනවා.

මේ සදහා චෝදනා ලබා ඇති විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියන් පිළිබද විනය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධ කටයුතු ඇරඹීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යොමුකොට ඇතිබවද නිලධාරීන් මෙහිදී පවසා ඇති බවද වාර්තාවේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka