උසාවියට කැඳවා සිටි ලිංගික අපයෝජනයක වින්දිත දැරියක් උසාවියට නඩුවකට පැමිණි පුද්ගලයෙක් උසාවි භූමිය තුළම අපයෝජනයට ලක් කරලා!
ලිංගික අපයෝජනයකට ලක් වීම නිසා අධිකරණයට කැඳවා සිටි 12 හැවිරිදි වින්දිත දැරියක් අධිකරණ භූමිය තුළදිම බරපතල ලිංගික අපයෝජනයකට ලක් කිරීම සම්බන්ධව සම්බන්ධව 58 හැවිරිදි පුද්ගලයෙක් ගලගෙදර පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
අදාල වින්දිත දැරිය සිය මව සමග අධිකරණයට පැමිණ අධිකරණයේ පරිවාස කාර්‍යයාලය ඉදිරිපිට බංකුවේ වාඩිවී සිටියදි වෙනත් නඩු කටයුත්තක් සඳහා අධිකරණයට පැමිණි පූජාපිටිය ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි වී සිටින අයෙක් දැරියට මෙම අපරාධය සිදුකර තිබේ.
පරිවාස නිලධාරිනියන් විසින් මෙම පුද්ගලයා අල්ලා ගලගෙදර පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පොලිසිය විසින් ඔහු අඩංගුවට ගෙන තිබේ.
අපයෝජනයට ලක් වු දැරියගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇයගේ මවගේ භාරයේ ගලගෙදර රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර ඇත.
ගලගෙදර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
උපුටා ගැනීම : ලංකාසර
උසාවියට කැඳවා සිටි ලිංගික අපයෝජනයක වින්දිත දැරියක් උසාවියට නඩුවකට පැමිණි පුද්ගලයෙක් උසාවි භූමිය තුළම අපයෝජනයට ලක් කරලා!
2023-11-21T13:45:00+05:30
Gossip Lanka Hot News






