gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සම්මේලනය ගැන කතා කරන්න ගිය පොහොට්ටු හමුවේ මැතිවරණ උණුසුමක් ගැන ඉගියක්!

මෙවර අයවැයට සහාය ලබා දුනහොත් සිය පාක්ශිකයින්ගෙන් මෙන්ම සමස්ත ජනතාවගෙන්ම පක්ශය ප්‍රතික්ෂේප වෙන බව පොදුජන පෙරමුණේ ජේෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂ නායකත්වයට දැඩි බලපෑම් එල්ල කර තිබෙනවා.

පක්ශ සම්මේලනය මෙන්ම අයවැය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඊයේ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේ මේ බව සඳහන් කර ඇති බවද වාර්තා වේ.

පසුගිය වසර සඳහා ඉදිරිපත් කළ අයවැයේ යෝජනා මෙවර අයවැය ලේඛනයට ද ඉදිරිපත් වීම තුළ ගැටලුකාරී තත්ත්වයන් රැසක් උත් උද්ගත වීමට ඉඩ ඇති බවයි ඔවුන් අවධාරණය කර ඇත්තේ.

එම නිසා අයවැයට සහය දීමට පෙර දෙවරක් සිතා බැලිය යුතු බව ද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වටා සිටින තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් ද එහිදී යෝජනා කර තිබෙනවා.

කෙසේ වෙතත් අයවැය ඡන්ද විමසීමට පෙර ජනාධිපතිවරයා සමඟ මේ ගැන සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස ද එම මන්ත්‍රීවරුන් පිරිස පක්ෂ නායකත්වයෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම හමුවේ දී ඉදිරි මැතිවරණයක් පිළිබඳව සාකච්ඡා වී ඇති බවද වාර්තා වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka