gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩයනාට අභියාචනාධිකරණයෙන් දුන් තීන්දුවට අභියෝග කරමින් ඕෂල හේරත් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි!

රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ  රාජ්‍ය ඇමතිවරියගේ  ශ්‍රී ලංකා පුරවැසිභාවය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය පසුගිය 31 වැනිදා ලබාදුන් බහුතර තීන්දුව බල රහිත කරන ලෙස හා එම රාජ්‍ය ඇමැතිනිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධුරයක් දැරීමට නුසුදුසු බවට ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල ලක්මාල් හේරත් මහතා ඊයේ (14 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ගොනු කළේය.

තමන් විසින්  එම රාජ්‍ය අමාත්‍යවරියගේ ශ්‍රී  ලංකා   පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ගොනුකළ පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය 2/3 ක බහුතර තීන්දුවකින් සිය ඉල්ලීම් ප්‍රතික්‍ෂේප කර රාජ්‍ය ඇමැතිනියට නඩු ගාස්තු ගෙවන ලෙසට තීන්දුවක් ලබාදී ඇති බවත් එම විනිසුරු මඬුල්ලේ සෙසු සාමාජික විනිසුරුවරයා සිය ඉල්ලීම් පිළිගෙන එම රාජ්‍ය ඇමැතිනිය මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු අයකු බවට තීන්දු කරමින් තීන්දුවක් ලබා දී ඇති බවත් ඕෂල හේරත් සිය අභියාචනාව මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබිණි.
– දිවයින
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka