වයස අවුරුදු 13 ක දැරියකට නීති විරෝධී ලෙස ගබ්සාවක් සිදු කිරීමේ චෝදනාව මත මුලතිව් කුමුලමුනෙයි ප්‍රදේශයේ තුන් දෙනෙකු මුලතිව් පොලීසිය විසින් පෙරේදා (14) අත්අඩංගුවට ගෙන ඇත. මෙම දැරිය ගැබ් ගෙන ඇත්තේ එම දැරියගේ මවගේ අනියම් සැමියා අතින් බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන තිබේ.
දැරියට හදිසියේ වැළදුණු උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට ගිය අවස්ථාවේදී ඇය ගැබ් ගෙන ඇති බව හෙළිවීමෙන් පසුව මුලතිව් නගරයේ වෛද්‍යවරයෙකු හමු වී ඇයට ගබ්සාවක් සිදු කරගෙන තිබේ.
පසුව දැරිය අධික ලෙස රුධිරය වහනය වීම නිසා රෝගී වීමෙන් පසුව මුලතිව් රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර එහිදී දැරිය වෛද්‍යවරයෙකුට සිදු වූ සියලු දේ ප්‍රකාශ කොට ඇත.
වෛද්‍යවරයා මේ ගැන පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව ගබ්සාව සිදු කළ වෛද්‍යවරයාද දැරියගේ මව හා ඇගේ අනියම් පුරුෂයාද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
දැරිය තවමත් මුලතිව් රෝහලේ ප්‍රතිකාර ලබන අතර සැකපිට අත් අඩංගුවට ගත් තුන් දෙනා මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මුලතිව් පොලීසිය පියවර ගෙන ඇත.
දිනසේන රතුගමගේ