ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ගොනුකළ පෙත්සම සලකා බැලීම සඳහා යළිත් නව විනිසුරු මඩුල්ලක් පත්කර තිබෙනවා.
ඒ එම පෙත්සම් විභාගයට පත්කළ විනිසුරු මඩුල්ලෙන් අද (16දා) තවත් විනිසුරුවරයෙකු ඉවත්වීම හේතුවෙන්.
මෙම පෙත්සම අද ඩී. එන්. සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු නීල් ඉද්දවෙල මහතා මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බව සඳහන් කිරීමත් සමග යළිත් නව විනිසුරු මඩුල්ලක් පත් කිරීමට සිදුවුණා.
ඒ අනුව එම පෙත්සම් විභාගය වෙනුවෙන් නව විනිසුරු මඩුල්ලක් නම් කිරීම සඳහා අදාළ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා වෙත යොමු කෙරුණා.
මෙම නඩු විභාගයෙන් මේ වන විට විනිසුරුවරු තුන් දෙනෙකු ඉවත් වී තිබීම සුවිශේෂිය.
ඒ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, ධම්මික ගනේපොල සහ නීල් ඉද්දවෙල යන මහත්වරුන්ය.
අනතුරුව මෙම පෙත්සම නව විනිසුරු මඩුල්ලක් නම් කිරීම සඳහා අභියාචනාධිකරණය සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
ඒ අනුව අදාළ පෙත්සම සෝභිත රාජකරුණා සහ ඩී එන් සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත නව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීමට නියම කරන බව අභියාචනාධිකරණය සභාපති විනිසුරුවරයා සඳහන් කළා.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ලබන සදුදා තෙක් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට ක්‍රීඩා අමාත්‍යවරයා ලබා දුන් ප්‍රතිඥාවට අනුව එම අතුරු කමිටුවේ කටයුතු වළක්වමින් පනවා තිබූ වාරණ නියෝගය දීර්ඝ නොකිරීමට අභියාචනාධිකරණය අද තීන්දු කළා.
ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා විසින් ගොනුකළ පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉදිරියේදී කැඳවනු ලැබීමත් සමගයි.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහා කළේ ක්‍රිකට් අතුරු කමිටුවේ කටයුතු වළක්වාලමින් ඉකුත්දා පනවනු ලැබූ අතුරු තහනම් නියෝගය අද අවසන් වන බවයි.
එම අතුරු නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව කියා සිටී ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා කෙසේ වෙතත් මෙම පෙත්සම ලබන සඳුදා සලකා බලන තෙක් ක්‍රිකට් අතුරු කමිටුව සම්බන්ධයෙන් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට අධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන්නා.
ඒ අනුව පෙත්සම සලකා බැලීම ලබන සඳුදා (20දා) තෙක් කල් තැබුණි.