gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“බලය නැතිදාට කිසිකෙනෙක් නැහැ... ඔබතුමාට මේවා හොඳ පාඩම්” - මුරුත්තෙට්ටුවේ හිමි මහින්දගේ මූණටම කියයි

අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනයට සමගාමීව අභයාරාමයේදී කිරිඅම්මාවරුන්ගේ දානමය පින්කමක් පවත්වා තිබෙනවා.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය , නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටි බවයි වාර්තා වන්නේ.

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි එහිදී මෙසේද අදහස් දැක්වුවා.

“මම මේ පිංකම කරන්නේ රට බේරාගත් නායකයා වෙනුවෙන් යුතුකමක් වශයෙන්. නමුත් ඔබතුමාට පේනවා ඇති අද මෙතන තත්ත්වය එදා මෙතන අපිට ඉන්නවත් ඉඩ නෑ. ඒ තරම් ඇමති මැතිවරු. අද බලන්න තත්ත්වය කොච්චර වෙනස් වෙලාද කියලා. බලය තියෙනදාට ඕන තරම් අය ඉන්නවා. බලය නැතිදාට කිසිකෙනෙක් නැහැ. ඔබතුමාට මේවා හොඳ පාඩම්” ලෙස අනුශාසනා කළා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka