දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය ඝාතනයක් බවට අධිකරණය තීන්දු කිරීම හේතුවෙන් මනුෂ්‍ය ඝාතන හා සමූහ මංකොල්ලකෑම් විමර්ශන කොට්ඨාසය ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා තිබෙනවා.
අදාළ විමර්ශකයින්ගේ අවධානය යොමුව ඇත්තේ කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ජීවිත රක්ෂණවල මුදල් හෝ ඔහුගේ දේපළ ලබාගැනීමේ අරමුණින් සමීපතමයෙක් ඔහු ඝාතනය කළාදැයි යන්න පිළිබඳවයි.
ෂාෆ්ටර් මහතා වෙනුවෙන් රක්ෂණ වන්දි මුදල් ගෙවීම සතියක කාලයක් දක්වා අත්හිටුවීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය රක්ෂණ සමාගම්වල බලධාරීන්ට පසුගියදා නියෝග කළා.
ෂාෆ්ටර් මහතාගේ නිශ්චල දේපළ සිංගප්පූරුවේ හා එක්සත් රාජධානියේ ඇති බැවින් එම රටවලින් මෙම දේපළ සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමටද නියමිත බවයි වාර්තා වන්නේ.
ෂාෆ්ටර් මහතාගේ මරණ සම්බන්ධයෙන් සෙවීම සඳහා පත්කළ පංච පුද්ගල කමිටුවේ සාමාජිකයන් අදාළ වාර්තාව පිළිබඳ මනුෂ්‍ය ඝාතන හා සමූහ මංකොල්ලකෑම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් දැනුවත් කර තිබෙනවා.