gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පාර්ලිමේන්තුවම ෂම්මිලා එපා කියද්දී ක්‍රිකට් පාලක මණ්ඩලයට කඩේ ගිය පුත්තලම් චින්තක ගැන හෙළිදරව්වක්!

මුලු පාර්ලිමේන්තුවම දූෂිත ක්‍රිකට් පාලක මණ්ඩලයට එරෙහිව යෝජනාවක් සම්මත කිරීමට කටයුතු කරද්දී ක්‍රිකට් පාලක මණ්ඩලය වෙනුවෙන් හුදකලා සටනක යෙදුන පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්න පුත්තලම් දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති ලෙස  කටයුතු කරන, වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා පත් කරගෙන ඔහුගෙන් නඩත්තු වෙමින් සිටින පුද්ගලයෙක් බව ක්‍රිකට් ආරංචි මාර්ග හෙළි කරයි.

දිස්ත්‍රික් ක්‍රිකට් සභාපතිවරයෙක් යනු ස්වේච්ඡා නිලධාරියෙක් බවත් එසේ තිබෙද්දී මෙම පුද්ගලයා ඇතුලු දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් සභාපතිවරු වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා පත් කිරීම වෙනුවෙන් මාසිකව රුපියල් ලක්ෂ දෙකකට ආසන්න දීමනාවක් ක්‍රිකට් ආයතනයෙන් ලබමින් සිටින බව ද එම ආරංචි මාර්ග කියයි.
 
ඊයේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින්  ක්‍රීඩා ඇමතිවරයා ප්‍රකාශ කළේ වත්මන් දූෂිත ක්‍රිකට් පරිපාලනය බලයට පැමිණීම වෙනුවෙන් පවත්වාගෙන යන දූෂිත දිස්ත්‍රික් සංගම් 22 සහ පාලිත සංගම් 29ක්, අනුබද්ධ සංගම් 23ක් ඇතුළු සංගම් 85 සම්බන්ධ දැඩි තින්දුවක් ගන්නා බවත් මෙම දිස්ත්‍රිික් සංගම් පාලිත සංගම්. සහ අනුබද්ධ සංගම් වහාම විසුරුවා හැරීම සිදුකර  නව ක්‍රිකට් පනත  බල ගැන්විය යුතු බවත්ය.

ඒ සඳහා ඔහු පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ භේදයකින් තොර සහාය ඉල්ලුවේය.

ලංකාසර


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka