gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“ඕවා පාර්ලිමේන්තුවේ කියන්නේ නැතුව එලියට ඇවිත් කියන්න” – විමල් කිව්ව ටොස් එකේ කතාවට මහේලගෙන් පිළිතුරක් (VIDEO)

ලෝක කුසලාන එක්දින තරගාවලියේදි දසුන් ශානක නායකත්වයෙන් ඉවත් කරන ලෙසට කිසිදු බලපෑමක් නොතිබුණු බව පුහුණු උපදේශක මහේල ජයවර්ධන ඊයේ ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවේදි කියා සිටියා.

කෙසේ වෙතත්,  ඉන්දීය කණ්ඩායම සමග පැවති තරගයේ කාසිය වාසිය පිළිබඳ තීරණය ඉන්දියාවට වාසි සහගත ලෙස ගන්නැයි මහේල උපදෙස් ලබාදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගියදා සිදුකළ ප්‍රකාශය පිළිබඳ මාධවෙිදියෙකු එහිදි මහේලගෙන් ප්‍රශ්න කර සිටියා.

ඊට ප්‍රතිචාර දක්වමින් මහේල ජයවර්ධන කියා සිටියේ පාර්ලිමේන්තු වරප්‍රසාද තබාගෙන පාර්ලිමේන්තුවේ කතා කළ හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් බැවින් ඒඅනුව එය මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නට ඇති බවයි.

මන්ත්‍රීවරයාට වෙනත් කාරණයක් ඇත්නම් පාර්ලිමේන්තුවෙන් පිටත ඒ බව පවසා ක්‍රීඩාඅමාත්‍යංශයේ ක්‍රීඩා වැරදි වැළක්වීමේ විශේෂ විමර්ශන පොලිස් ඒකකයටද කරුණු දැක්වීමට අයිතියක් පවතින බවයි මහේල ජයවර්ධන පෙන්වාදී ඇත්තේ.

ඒ අනුව එවැනි කරුණු තිබේ නම් මන්ත්‍රීවරයා එය ප්‍රකාශ කරනු ඇතැයි තමන් සිතන බවද මහේල් ජයවර්ධන සඳහන්කර සිටියා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka