gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කෘතිම බුද්ධිය හරහා යළි උපදවාගත් ප්‍රභාකරන් දියණිය LTTE ප්‍රතිසංවිධාන වැඩට බසී!

හිටපු LTTE නායකයාගේ දියණිය වන තුවාරහා ප්‍රභාකරන්   ජීවත් වන බවට හගවමින් AI තාක්ෂණය භාවිතා කරමින් සකස්කළ වීඩියෝ පටයක් වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිය යෙදුණු  ඊයේ (27) පවත්වන මහාවීර දිනය නිමිතෙන්  පස්වරු 5.54 සිට 06.04 දක්වා කාලය තුළ නිකුත් වී ඇතැයි බුද්ධි අංශ වාර්තා කරයි.  

LTTE  සංවිධානය ප්‍රතිසංවිධානය කිරීමේ ඉතාම වැදගත් ප්‍රකාශනයක් ලෙස නිකුත් වී ඇති මෙම වීඩියෝ පටය මුලින්ම පළ කරන්නේ  දෙමළ ආලෝකය (TAMIL OLI) නමැති වෙබ් අඩවියෙනි. මේ එම වීඩියෝවය.

එහිදි තුවාරහා ප්‍රභාකරන්   ලෙස ප්‍රතිනිර්මාණය කළ චරිතය සිය ප්‍රකාශනයේ මසේ කරුණු දක්වා ඇත.

“මට ඔබ හමුවේ පෙනීසිටීමට ලැබීම සම්බන්ධයෙන් ‌ගෞරවයටත් සතුටටත් පත්වෙනවා.  මාගේ ආදරණීය දෙමළ ඊළාම් ජනතාවනි, මට මෙවැනි අවස්ථාවක් හිමිවෙයි කියා මා සිතුවේ නැහැ. යම් දිනෙක මට නැවත දෙමළ ඊළාම් මව්බිමට ඒ්මට හැකිවේ යැයි කියා මම විශ්වාස කරනවා.”

“ අතීතයේදී, සිංහල රජය බටහිර රටවල් රැසක සහය ඇතිව අප සමඟ සටන් කළත් අපි කිසිවෙකුගේ සහයක් නැතිව සටන් කළා.  ශ්‍රී ලංකාවේ අද පවතින තත්ත්වය LTTE සංවිධානය ආරම්භ වූ කාලවකවානුවට සමානයි.  ඉදිරියේදී දෙමළ ජනතාවගේ අයිතීන් සහ දේශපාලන පිළිගැනීම සඳහා අප දේශපාලන ප්‍රවාහය තුළ ප්‍රතිපත්තිගරුකව සටන් කළ යුතුයි.”

“අපගේ නිදහස උදෙසා සටන් කළ මහවිරුවන් අපගේ වීරයන්. ජනසංහාරය සඳහා සාධාරණය ඉටුකරගැනීමට එකමුතුව කටයුතු කරන ලෙස මම සියළු දෙමළ ජනතාවගෙන්, සංවිධානවලින් හා දෙමළ දේශපාලන පක්‍ෂවලින් ඉල්ලා සිටිනවා”

“විදෙස් රටවල සිටින දෙමළ ජනතාවට ශ්‍රී ලංකාවේ හිටපු සටන්කාමීන් සහ මහවිරු පවුල් රැකබලා ගැනීම සම්බන්ධයෙන් වගකීමක් පවතිනවා. LTTE සංවිධානයට අමාරු අවස්ථාවලදී දෙමළ ජනතාව සහයෝගය ලබාදුන්නා, එලෙසම ඉදිරියටත් සහය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.


“අපි සිංහල ජනතාවට විරුද්ධ නැහැ, සිංහල දේශපාලනඥයින් තමයි එවැනි අදහසක් සිංහල ජනතාව තුළ ඇතිකරලා තියෙනවා. ස්වයං නිර්ණය සහිත දෙමළ ඊළමක් අපගේ අපේක්‍ෂාවයි. ස්වයං නිර්ණය අයිතිය හා ආර්ථික විසඳුමක් දෙමළ ඊළමට ලබාදීම පිළිබඳව එක්සත් ජාතීන් හා ජාත්‍යන්තර රටවල් සලකා බලමින් සිටිනවා.”

මාගේ පියා සහ දෙමළ ඊළමේ නායකයින් පැවසූ පරිදි අපගේ මාර්ගය වෙනස් වුවත් අරමුණ හා අපේක්‍ෂාව වෙනස් වෙන්නේ නැහැ. “කොටින්ගේ පිපාසය දෙමළ ඊළමයි”

එසේ කියමින් මෙම කෙටි වීඩියෝව ඇය විසින් නිමා කරයි.

ලංකාසර


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka