gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ICC අතුරු කමිටු පිලිගන්නෑ.. දුෂණ නැති කරන්න කියා නීති කඩන්න බෑ.. ක‍්‍රිකට් තහනම ඉක්මනට ඉවත් කර ගන්න ඔ්නෑ..- ක‍්‍රීඩා ඇමති හරීන්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අතුරු කමිටු පිළිනොගන්නා බව නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. එම කවුන්සිලය දේශපාලන බලපෑම් පිළිනොගන්නා බවද පැවසූ ඔහු දූෂණ නැති කිරීම ආදී සියලුම දේවල් කළ යුත්තේ නීතිමය රාමුව තුළ පමණක් බවද සඳහන් කළේය.

රජයේ මුදල් ක්‍රිකට් ක්‍රීඩාවට වියදම් නොකරන බවත් එම ක්‍රීඩාවට අවශ්‍ය මුදල් සපයනු ලබන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පමණක් බවද හෙතෙම පෙන්වා දෙයි.

මේ මොහොතේ ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම් හැකි ඉක්මනින් දින කීපයක් තුළ ඉවත් කර ගැනීම ඉතාමත් වැදගත් වන බව ද හෙතෙම පෙන්වා දෙයි.

19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන්ට මෙම තහනම ඉවත් කර ගැනීම වඩා වැදගත් වන බවත් එම තරගාවලිය හැකිනම් නැවත ශ්‍රී ලංකාවට ගෙනඒමට උත්සාහ කළ යුතු බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

ක්‍රීඩා ඇමති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පල කරන ලදී.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka