gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

DSI බැට්ල් ග්‍රවුන්ඩ්; සජිත් තනිවෙයි - තාත්තා සහ අයියාත් මඟහරියි

DSI සැම්සන් පවුලේ ව්‍යාපාරික අර්බුදය මේ වන විට තවත් උග්‍රවී ඇති අතර පසුගිය සතියේදී එහි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ විසින් සජිත් රාජපක්ෂට එරෙහිව රැස්වීමකට සහභාගී වීම සහ එයට බාධාකිරිම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමට උත්සහ කර තිබිණි.

කෙසේවුවද, පසුව සජිත්ගේ පාර්ශවය විසින් කරුණු දක්වමින් එය ව්‍යර්ථ කර තිබේ.

ඒ DSI සැම්සන් සමූහයේ සමාගම් 3ක කළමනාකාර අධ්‍යක්ෂ ධූරයෙන්ද, සෙසු සමාගම් 5ක අධ්‍යක්ෂ ධූරයෙන්ද සජිත් රාජපක්ෂ ඉවත් කර තිබුණු අතර එයට එරෙහිව සජිත් රාජපක්ෂ අධිකරණයට ගොනුකර තිබූ නඩුවට මේ සම්බන්ධ කරුණු දක්වමිනි.

මේ පවුලේ ආරවුල ඇති කිරීමට මූලික වී තිබුණ‌ේ සජිත්ගේ පියා වන රණතුංග රාජපක්ෂ මහතා විසිනි.

සමාගම් 30ක් වන DSI සැම්සන් ව්‍යාපාරය බෙදා ගැනීමට අවශ්‍ය බව කියමින් අධ්‍යක්ෂ මණ්ඩලයට යොජනාවක් කරමින් ඔහු මේ ගැටුම ඇති කර තිබිණි.

පසුව සජිත් ‌මේ මතය ඉදිරියටත් ගෙනයමින් කටයුතු කර ඇති අතර මේවන විට ඔහු අදාළ මතයත් සමඟම සමස්ත අධ්‍යක්ෂ මණ්ඩලයෙන්ම කොන්වී ඇතැයි පැවසේ.

මේවන විට සජිත්ට සිය පියාගේ හා සහ‌ෝදරයාගේ සහය ද නැතැයි කියවේ.

ඒ් අනුව කසුන් රාජපක්ෂට අධ්‍යක්ෂ මණ්ඩලයේ 15ක‌ට වැඩි පිරිසකගේ සහය ඇති බව එම ආයතන අභ්‍යන්තරයෙන් තොරතුරු ලැබෙයි.

මේ තත්ත්වය අනුව එහි අධ්‍යක්ෂ මණ්ඩලයට රැස්වීමක් පැවැත්වීමට ලැබෙන පළමු අවස්ථාවේදීම සජිත් රාජපක්ෂ සියලු තනතුරුවලින් ඉවතට විසිවනු ඇතැයි ද වාර්තා වේ.

කෙසේවුවද, කුලතුංග රාජපක්ෂ හා සජිත් ප්‍රමුඛ පවුල‌ේ අය විසින්  DSI සැම්සන් ව්‍යාපාරය තුළ අභ්‍යන්තර ගැටුමක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් එහි සේවකයන් ද කනගාටුවෙන් පසුවන බවද වාර්තා වේ.

මේ අතර, වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද සජිත් රාජපක්ෂට එරෙහිව එල්ල වූ චෝදනාවක් මත ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.

එම චෝදනාවට ඔහු මේවන විට මහාධිකරණයේ ඇප මත සිටී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka