gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දින තුනකට පෙර අතුරුදන් තරුණියගේ කබරයින් කෑ මළසිරුර වැලිපැන්න ඇලේ මීගමු තොටුපළ අසල (video)

දින තුනකට පෙර අතුරුදන්ව සිටි 24 හැව්රිදි  තරුණියගේ කබරයින් කා දැමූ මළසිරුර ඇයගේ නිවසට කිලෝමීටර් පහක් පමණ ඈතින් වැලිපැන්න ඇලේ මීගම තොටුපොල ආසන්නයේ ඉවුරක තිබී අද පස්වරුවේ හමුවූ බව වැලිපැන්න පොලිසිය පවසයි. වැලිපැන්න පොලිසිය සහ මූණමල්වත්ත විශේෂ කාර්ය බළකා නිළධාරීන් එක්ව බෝට්ටු දෙකක් යොදා මළසිරුර කිලෝමීටර් පහක් පමණ දුරක සිට ඇල මාර්ගය ඔස්සේ රැගෙන එන ලදී.

වැලිපැන්න හිජ්රා  මාවතේ පදිංචිව සිටී මොහොමඩ් අමීන් ෆාතිමා අස්මියා නමැති 24 හැව්රිදි  තරුණියකගේ මළසිරුර මෙසේ හමුව ඇති බව පොලිසිය  කීය.

වැලිපැන්න හිජ්රා මාවතේ පදිංචි තරුණියගේ පියා දින දෙකකට පෙර කළ පැමිණිල්ලක් මත දැරිය සොයා පොලිසිය පරීක්ෂණ කර තිබිණි. ඒ සදහා මාකෝ පොලිස්  නිළ සුනඛයාගේ සහයද ලබාගෙන ඇත.

තරුණිය දින 27 දා  රාත්‍රි සිට අතුරුදන් බවට පැමිණිල්ලේ සඳහන්ව ඇති බවත් , ඇය නිවසේ පිටුපස දොරෙන් පිටව ගොස් ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණ වලදී තහවුරුව ඇති බවත් පොලිසිය කීය.

අතුරුදන්ව තරුණිය පැළද සිටී  සෙරෙප්පුවක් නිවස ආසන්නයේ පිහිටී වැලිපැන්න ඇල ඉවුරේ තිබී සොයාගෙන තිබූ අතර ඒ අනුව ඇය දියේ ගිලී කිසියම් අනතුරක් සිදුව ඇති බවට අනුමාන කර  පොලිසිය පොලිසිය පරීක්ෂණ සිදුකර තිබේ.

තරුණිය කිසියම් අනතුරකට ලක්වූයේද යන්න සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන් වේ.

හදිසි මරණ පරීක්ෂක නිහාල් ජයනෙත්තිගේ  පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කළුතර නාගොඩ  ශික්ෂණ රෝහලට රැගෙන යාමට නියමිතව තිබූණි .
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාම්න්ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් වැලිපැන්න පොලිසිය පරීක්ෂණ පවත්වයි.

-සුමිත් පොතුපිටිය
-lankasara
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka