gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ෂම්මිලා කෝප් කමිටුවේ.. ගාලගෝටියක් වෙයි.. ක්‍රීඩක ආබාධවලට වන්ෂෝට් දොස්තරගේ බෙහෙත්වලින් අතුරු ආබාධ…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් එහි ප්‍රධානීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ඇතිවූ විවිධ කතා-බස් හේතුවෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් කමිටුව) අද (14) පස්වරුවේ උණුසුම් මුහුණුවරක් ගත් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

ක්‍රිකට් ආයතනයේ වැඩ කටයුතු සම්බන්ධයෙන් මන්ත්‍රීවරු ගණනාවක් එහි ප්‍රධානීන්ට දිගින් දිගටම චෝදනා කළහ.

ඕස්ට්‍රේලියානු ටී 20 සංචාරට ගිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් විශාල පිරිසකට සහ නිළියන් කිහිප දෙනකු වෙනුවෙන් කෝටි ගණනක මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව ප්‍රශ්න කෙරිණ.

එම සංචාර වෙනුවෙන් රුපියල් කෝටි හයකට වැඩි මුදලක් වැය කර ඇති බවද එහිදී සඳහන්විය.

මේ සංචාරය සම්බන්ධයෙන් අනුමැතිය ලබාදීම පිළිබඳවද සාකච්ඡා කෙරිණ. ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා කැඳවා මේ පිළිබඳව විමසීමටද ඒ අනුව තීරණය කෙරිණ.

නාස්තිකාර ආකාරයට මුදල් වියදම් කිරීම නතර කරන්නැයි කෝප් කමිටුව මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.

එසේම විදෙස් සංචාර සඳහා මාධ්‍යවේදීන් ගෙන යාමේදී විනිවිදභාවයෙන් කටයුතු කරන ලෙසටද කෝප් කමිටුව නියෝග කළේය.

ක්‍රීඩකයන්ට භෞත චිකිත්සකයන් ප්‍රතිකාර කිරිමේ ගැටලු පවතින හෙයින් ඒ සම්බන්ධයෙන් වහා සොයා බැලිය යුතු බව මන්ත්‍රීවරු කිහිප දෙනෙක් මෙහිදී පැවසූහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානීන් ළඟදි තව දින තුනක් කැඳවීමටද කමිටුව තීරණය කළේය.

මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ දයාසිරි ජයසේකර, හේශා විතානගේ යන මහත්වරුද ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍යවරුන් අතරින් එක් වෛද්‍යවරයෙකු ලබාදී ඇති ඖෂධවල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙලෙස ආබාධවලට ලක්වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කමිටුවේදී හෙළි කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී ඒ මහතා මෙම හෙළිදරව්ව සිදුකළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ එම වෛද්‍යවරයා ලබාදුන් එන්නත් හේතුවෙන් ක්‍රීඩකයින්ගේ පාදවල විවිධ ආබාධ මතුවී ඇති බවය.

එම වෛද්‍යවරයා වෘත්තීමය ක්‍රීඩා වෛද්‍යවරයෙක් නොවන බවද එහිදී දයාසිරි ජයසේකර මහතා හෙළිදරව් කළේය.

‘වන් ෂොට්’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන එම වෛද්‍යවරයා වේදනා නාශක ලබාදීම හරහා ක්‍රීඩකයින්ට දීර්ඝකාලීන රෝගාබාධ මතුවීමට ප්‍රධාන හේතුවක්වී ඇති බවද දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

මේ අතර රුපියල් 150,000ක වැටුපකට සේවාව ලබාදෙන ලෙස ඉල්ලා එවකට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත යොමුකළ ලිපියක් සම්බන්ධයෙන් එහිදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ක්‍රිකට් ආයතනයෙන් ප්‍රශ්න කළේය.

ක්‍රිකට් ආයතනය එහිදී පවසා සිටියේ එම ඉල්ලීම නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ප්‍රතික්ෂේප කළ බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙකු වෙත ලිපියක් යොමුකරමින් එලෙස ඉල්ලීමක් කිරීමම අතිශය දෝෂ සහිත ක්‍රියාවක් බවය.

එහිදී ක්‍රිකට් ආයතනයට ලැබෙන මුදලින් ක්‍රීඩකයින් වෙත කොපමණ මුදලක් ගෙවීම් සිදුකරන්නේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රශ්න කර සිටියේය.

මෙයට පිළිතුරු දෙමින් ක්‍රිකට් ආයතනය සඳහන් කළේ සියලුම ක්‍රීඩකයින් සඳහා සියයට 25ක මුදලක් ගෙවන බවය.

පාසල් ක්‍රීඩා, ක්‍රීඩා සමාජ සහ ක්‍රීඩකයින් ඇතුළුව සියයට 60ක මුදලක් ක්‍රීඩාවේ දියුණුව සඳහා ගෙවීම් සිදුකරන බවද එහිදී ක්‍රිකට් ආයතනය පැවසීය.

– Lankadeepa/Adaderana
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka