මහාචාර්ය රංජිත් බණ්ඩාරට ක්‍රිකට් විමර්ශනවලදී කෝප් සභාපති පුටුව අහිමියි!
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර ක්‍රිකට් සම්බන්ධයෙන් පැවැත්වෙන කමිටු වාරවල සභාපතිත්වය ලබා නොදීමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් තීරණය කර තිබේ. ඊයේ (25)පෙරවරුවේ පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබඳ ව සාකච්ඡා කර ඇති අතර එහිදි පක්ෂ නායකයන් පොදු එකඟතාවට පැමිණ තිබේ.
කෙසේ වුවද මේ සම්බන්ධයෙන් මහාචාර්ය රංජිත් බණ්ඩාර ද දැනුවත් කිරීමට සහ ඔහුගේ අදහස විමසීම පිළිබඳවද එහිදී එකඟත්වයට පැමිණ තිබේ. කෙසේ වුවද පූර්ණ කාලීන ව මාහාචාර්යවරයා කෝප් සභාපතිත්වයෙන් ඉවත් කිරීම පිළිබඳව එහිදී අවධානය යොමුව නැතැයි බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර ක්‍රිකට් සම්බන්ධයෙන් පත් කිරීමට නියමිත පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරියේදි කැඳවා සියලු කරුණු පිළිබඳව විමසීමටද සුදානමක් පවතින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මහාචාර්ය රංජිත් බණ්ඩාරට ක්‍රිකට් විමර්ශනවලදී කෝප් සභාපති පුටුව අහිමියි!
2023-11-26T06:32:00+05:30
Gossip Lanka Hot News






