gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේට නැගෙනහිර ටිමෝරයෙන් ගෞරව සම්මානයක්

වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු මෙන්ම මීපුර වෙබ් අඩවියේ පුරෝගාමියා වන ෆ්‍රෙඩී ගමගේට නැගෙනහිර ටිමෝරයේ ජනාධිපතිවරයා විසින් පිදෙන ගෞරව සම්මානය ඊයේ (27) සවස නැගෙනහිර ටිමෝරයේ අගනුවර දිලී හිදී පැවති රාජ්‍ය උත්සවයේදී ලබාදෙන ලදී.

ෆ්‍රෙඩී ගමගේ මෙම සම්මානයෙන් පිදුම් ලැබුවේ ඉන්දුනීසියානු හමුදා පලානයෙන් බැට කෑ නැගෙනහිර ටිමෝරයට විමුක්තිය උදාකර ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ස්ථාපිත වීම පිනිස ලෝකය පුරා ගෙනගිය සහයෝගිතා අරගලයට ලබාදුන් සහයෝගය වෙනුවෙනි.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ මුලිකත්වයෙන් 1999 පැවැති ජනමතවිචාරනයකින් පසුව ටිමෝර ජනයා ඉන්දුනීසියාවේ ⁣පාලනය ප්‍රතික්ෂේප කරමින් නිදහස අවැසි බව ප්‍රකාශ කර තිබුණි ,පසුව පැවැති 2000-2002 සංක්‍රාන්ති පාලන කාලයකින් පසුව එක්සත් ජාතින් විසින් 2002දි සම්පුර්ණ ස්වාධින පාලනය නැගෙනහිර ටිමෝරය වෙත ලබාදෙන ලදි

ටිමෝරය නිදහස් කරගැනිම වෙනුවෙන් ක්‍රියාත්මක වු සහයෝගිතා කණ්ඩායම් ආසියා පැසිපික් ටිමෝර් සහයෝගිතාවයේ (Asia Pacific solidarity Coalition ⁣for East Timor (APCET) ක්‍රියාකාරී කමිටු සාමාජිකයෙකු ලෙස ෆ්‍රෙඩී ගමගේ ක්‍රියාකාරී වූ අතර ටිමෝරයට සහය පළ කරමින් දියත්කළ විරෝධතා සංවිධානය කරමින් ලංකාව තුළ 'තෙවන ලොව මිතුරෝ' සංවිධානයේ කැදවුම්කැ ලෙස සහයෝගිතා වැඩ ක්‍රියාත්මක කරන ලදි.

නැගෙනහිර ටිමෝරයට නිදහස ලබාගැනිම උදෙසා සිදුකළ දැවැන්ත ජාත්‍යන්තර සහයෝගිතා අරගලයේ කොටස්කරුවෙකු වීම හේතුවෙන් ඔහුට ඒරට ජනතාවගේ ගෞරවය සහ ප්‍රනාමය පුදකරමින් ෆ්‍රෙඩී ගමගේ ඇතුලු තවත් රටවල ක්‍රියාධරයන් කිහිපදෙනෙකු මෙම ගෞරව සම්මානය ජනාධිපති ජොසෙ රාමොස් හොර්තා විසින් පිළිගන්වනු ලැබිණි.



gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka