gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මිල්කෝ සමාගම චක්‍ර ලේඛනවලට පටහැනිව කෝටි අට හමාරක් ප්‍රසාද දිමනා දීලා…

සිමාසහිත  මිල්කෝ  පුද්ගලික සමාගම විසින් වාර්ෂික මුල්‍ය ප්‍රකාශ විගණනය කිරීමට පෙර චක්‍ර  ලේඛනවලට  පටහැනිව  විධායක හා විධායක  නොවන නිලධාරින් සදහා ඉකුත් වසර තුන තුල (2020,2021,2022)  ප්‍රසාද දිමනා ලෙස  රුපියල් අටකෝටි, පනස් පන් ලක්ෂ, හැත්තෑ තුන් දහස් අනුපහක මුදලක් (85,573,095) මුදලක්  ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.
2020 වර්ෂයේ දි  චක්‍රලේඛයට පටහැනිව  විධායක හා විධායක නොවන නිලධාරින්  1350ක් වෙනුවෙන්  එක් නිලධාරියෙකුට රුපියල්  15000 බැගින්  ප්‍රසාද දිමනා ගෙවිම සදහා  රුපියල්  එක් කෝ අනූ ලක්ෂ, අසු හය දහස් තුන්සිය හැත්තෑ පහක මුදලක් (19,086,375) ගෙවා තිබුණි.

2021 වර්ෂයේ  අප්‍රේල් මස 09 වැනි දින  එක් නිලධාරියෙකුට රුපියල් 20000 බැගින්  රුපියල්  දෙකෝටි පනස්නව ලක්ෂ, විසි එක් දහස් දෙසිය තිස් අටක මුදලක් (25,921,238) හා  එම වර්ෂයේ දෙසැම්බර් මස 21 වැනි දින  එක් නිලධාරියෙකුට රුපියල් 11,657 බැගින් රුපියල්  එක්කෝටි, හතලිස් අට ලක්ෂ නවසිය හතක (14,800,907)  ප්‍රසාද මුදලක් ගෙවා තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම 2022 වර්ෂයේ දි  ප්‍රසාද දිමනා ලැබීමට  හිමිකම් නොමැති තත්ත්වයක් තුළ දී  චක්‍ර ලේඛනයන්ට පටහැනිව  2022 වර්ෂයේ අප්‍රෙල් මස 11 වැනි දින  රුපියල් 10000 බැගින්  රුපියල්  එක්කෝටි, තිස් ලක්ෂ හතලිස් හතර දහස් අටසිය අසු අටක (13,044,888)  ප්‍රසාද මුදල් වශයෙන් ගෙවා තිබුණි. 

එම වර්ෂයේ  දෙසැම්බර් මස 23 වැනි දින  එක් කෝටි, විසි හත් ලක්ෂ, දහනම දහස් හයසිය අසු හතක (12,719,687) මුදලක් ප්‍රසාද දිමනා වශයෙන් ගෙවා ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

මේ පිළිබද මිල්කෝ ආයතනය විසින් විගණයට සඳහන් කොට ඇත්තේ  ප්‍රසාද දිමනා ගෙවිමේ දි  රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ  අනුගමනය කිරිමක් සිදු නොකර ඇති අතර  අධ්‍යක්ෂක මණ්ඩල තිරණ  අනුව ප්‍රසාද දිමනා ගෙවා ඇති බවය.

මිල්කෝ  ආයතනයේ ගණුදෙනු සම්බන්දයෙන් 2020,2021,2022  යන වර්ෂයන් සදහා මෙකි විගණන වාර්තාව නිකුත්කොට තිබුණි. 
-ලලිත් චාමින්ද
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka