gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කෝප් කමිටුවේ අරමුණු සහ එල්ල වන චෝදනා ගැන කියමින් කෝප් සභාපතිගෙන් දීර්ඝ සටහනක්!

කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මහනුවර ක්‍රිකට් කැම්පස්හි උපදේශක ලෙස කටයුතු කර ඇති බවට සදහන් ලිපියක් සමාජ මාධ්‍යයන්හි වාර්තා කර තිබුණා.

කෙසේවෙතත් කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදලට යට වී ක්‍රියාකරන්නේ ද යන්න පිළිබඳ සැක සහිත බව අද පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කෙරුණු අතර උණුසුම් තත්ත්වයක් ද ඇතිවිණි.

එසේම ඔහු විසින් කෝප් කමිටුවේ දී ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට හස්ත සංඥා නිකුත් කළ බවත් කෝප් කමිටු නිලධාරීන්ට ක්‍රිකට් ආයතනයෙන් ප්‍රශ්න කිරීමට ද බාධා එල්ල කළ බවට ද චෝදනා නැගුණා.

මේ සියලු චෝදනා සම්බන්ධයෙන් රංජිත් බණ්ඩාර මහතා සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණා.

එම සටහන පහතින්,

2018දී සකස්කල ශ්‍රි ලංකා ක්‍රිකට් සංකල්ප පත්‍රිකාව

ඊයේ දිනයේ ( 2023.11.14) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුවට කැඳවන ලදී. බෙහෝ අය අපේක්ෂාව වූයේ ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් මේ වන විට විවිධ මාධ්‍ය ඔස්සේ කෙරුණු කතා බහට ලක්ව ඇති කාරණා පිළිබඳව කෝප් කමිටුව සාකච්ඡාවක් පවත්වනු ඇති බවයි.

COPE කමිටුව වෙත පැවරී ඇති නෛතික ප්‍රතිපාදනයන්ට අනුව එවැනි පුවත් පිළිබදව සාකච්ඡා කිරීමේ අවකාශයක් නොමැති බව පළමුව අවධාරණය කළ යුතුය.

කෝප් කමිටුව තුළ සාකච්ඡා කෙරෙන්නේ විගණකාධිපතිතුමන් සාකච්ඡාව සඳහා සුදානම් කරන විශේෂ වාර්තාවේ අඩංගු කරුණු පමණි. ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් වූ විගණකාධිපතිවරයාගේ වාර්තාව T20 තරගාවලියක් හා සම්බන්ධ වුවකි.

කෝප් කමිටුවේ සියළුම සාමාජිකයින් පාහේ මේ අවස්ථාවට සහභාගී වූ අතර විශේෂ අවසරයකින් එයට සහභාගී වූ මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ද සහභාගී විය.

අනුර කුමාර දිසානායක මැතිතුමා ඇතලු හිටපු ක්‍රිඩා ඇමතිවරු දෙදනකුද මේ සදහා සහභාගි විය. සජබයේ මන්ත්‍රිතුමන්ලා සියල්ම පාහේ මේ සදහා සහභාගි විය. එය ඉතා විනිවිද භාවයකින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති කමිටු රැස්වීමකි.

මේ වන විට රට තුල ඉතාම විවේචනාත්මක කතාබහක් සහ දේශපාලන මතවාදයක් ලෙස මතුව ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබදව වූ මෙම සාකච්ඡාවේදී විශාල පිරිසක් එක වර කතා කිරීමට උත්සහ කිරීමේදී සභාව හැසිරවීම තරමක් අපහසු කාර්යක් විය.

ඒ සදහා උපක්‍රමයක් ලෙස මා කතා නොකර එක් පුද්ගලයෙකුට කතා කිරීමට අවස්ථාව දෙන ලෙස මන්ත්‍රීවරුන් කිහිප පලකටම සංකේතාත්මකව දෙතෙල මත ඇගිල්ල තබා නිශ්ශබ්දව සිටින ලෙස සංඥා නිකුත් කළේ

මේ දක්වා ඉතාමත් ඉහල වෘත්තීය මට්ටමකින් පවත්වාගෙන ආ COPE කමිටුවේ ගෞරවය ඒ ආකාරයෙන්ම රැක ගනිමින් බධාවකින් තොරව කමිටු රැස්වීම පවත්වාගෙන යෑමේ අරමුණෙනි.

අවාසනාවකට අද සමාජ මාධ්‍ය තුළ මෙන්ම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක වරයා ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම මෙය වැරදි ආකාරයට අර්ථගැන්වීම කණගාටුවට කරුණකි.

අද පාර්ලිමෙන්තුවේදී ගරු ක්‍රීඩා අමාත්‍යවරයාද අවස්ථා කීපයකදී කෝප් කමිටුවට පක්ෂකග්‍රාහී ලෙස කටයුතු කළා යැයි චෝදනා කළේය.

අපට සමාජ මාධ්‍යන්හි පළවන දෑ කෝප් කමිටුවේදී සාකච්ඡා කළ නොහැකි බව පාර්ලිමේන්තුව නියෝජනය කරන ගරු මන්ත්‍රීවරුන් මෙන්ම ඊටත් වඩා දේශපාලන කියවීම් සහිත පරිණත අමාත්‍යවරුන් ඉතා හොදින් දන්නවා යැයි මම සිතමි. මේ පිළිබඳව කැබිනට් අමාත්‍ය වරයෙකුට උපදෙස් දිය යුතු නැති බව මාගේ විශ්වාසයයි.

2020 වසරේ මා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දෙන විට වසර තිහකහට ආසන්න කාලයක් කොළඹ විශ්ව විද්‍යාලයේ සේවය කරමින් සිටිබව නොරහසකි.

2016 වසරේ මා කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්යවරයා ලෙස සේවය කරන අවස්ථාවේදී වාර්ෂික නිවාඩු වසර දෙකක් සඳහා ලබාගෙන කොළඹ 07, වෝඩ් පෙදෙසේ කොළඹ ව්‍යාපාර හා කළමනාකරණ පාසැල ආරම්භ කරන ලදී. මා එහි සමාරම්භක ප්‍රධානියා බව මුලු රටම දන්නා කරුණකි.

මෙම කොළඹ ව්‍යාපාර හා කළමනාකරණ පාසැල දිවයිනේ බොහොමයක් ව්‍යාපාර ආයතන වලට විධායක පුහුණුව,උපදේශනය සහ සංයුක්ත සැලසුම් සකස් කරන ලදී.ශ්‍රී ලංකා රග්බි,ශ්‍රී ලංකා ක්‍රිකට්, ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, හේලීස් සමාගම, මංචි බිස්කේ සමාගම වැනි ආයතන ගනනාවකට අප අපගේ සේවාව සපයන ලදී.

2018 වසරේ තිලංග සුමතිපාල මහතා සභාපති ධුරය දරණ ලද කාලසීමාව තුළ ක්‍රිකට් පාසැලක් ආරම්භ කිරීම සඳහා වන සංකල්ප පත්‍රිකාව සකස් කරදෙන ලෙස ඉල්ලා සිටින ලදී. කොළඹ ව්‍යාපාර පාසල වෙනුවෙන් අප එම සංකල්ප පත්‍රිකාව සකස් කළ අතර ක්‍රිකට් පාසැල ආරම්භ කිරීමේ කටයුත්තට ප්‍රධාන උපදේශකයෙක් ලෙස සේවය සැපයීමටද එකඟ විය. එම කටයුත්ත නිමාවකින් තොරව නතර විය. කෙසේ වෙතත් ඒ වෙනුවෙන් අප කිසිදු අය කිරීමක් සිදුකර නොමැත. එසේ අයකලත් එය වෘතීයමය සේවාවක් සැපයීම වෙනුවෙන් මිස එය අද මා දරන තනතුරේ වගකීම වෙනුවෙන් ලබාගත් අත්තිකාරමක් නොවේ. එසේ හුවා දැක්වීමට උත්සහ කිරීම කණගාටුවට කරුණකි.

මා පාර්ලිමේන්තුවට පැමිණීමට පෙර සහ කෝප් කමිටුවේ සභාපති ධුරය දැරීමට පෙර වෘත්තීය ජිවිතයේ සිදු කළ කීර්තිමත් කටයුතු වැරදියට හොවා දැක්වීම වෘත්තිකත්වයට කරන අගෞරවයක් ලෙස සලකමි.මේ පිළිබඳව මේ රටේ සියළු මහජනයා දැනුවත් කිරීම මාගේ අපේක්ෂාවයි.

මහාචාර්ය රංජිත් බණ්ඩාර,
සම්මානිත මහාචාර්ය කොළඹ විශ්වවිද්‍යාලය,
පාර්ලිමේන්තු මන්ත්‍රී,
කෝප් කමිටු සභාපති.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka