හරක් කටා ඇමති ටිරාන්ට කෝටි 70ක් අල්ලස් දෙන්න හදලා.. ඇමතිකමෙන් පන්නන්න ඊට වඩා වියදම් කරන්න සූදානම් වෙයි (video)
රැඳවුම් නියෝග මත මේ වන විට රහස් පොලිස් භාරයේ රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා ආරක්ෂා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට මිලියන 700ක අල්ලසක් ලබා දීමට උත්සාහ කර තිබේ.
ඒ ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවට ගෙන්වා නොගෙන ඩුබායි රාජ්‍ය වෙත යවන ලෙස ඉල්ලමිනි.
ඇමතිවරයා මේ බව සඳහන් කළේ දකුණු පලාතේ පොලිස් නිලධාරීන් පිරිසක් අමතමින් ගාල්ල උණවටුන ප්‍රදේශයේදීය.
මිලියන ගණනක් ලොකු ලොක්කන්ට දී තමන් අමාත්‍ය ධුරයෙන් අයින් කිරීමට ද ඔවුන් සුදානම් වෙමින් ඇති බවද ඔහු එහිදී හෙළි කළේය.
“හරක් කටාව ලංකාවට ගේද්දී මිලියන 700ක් ඔෆර් කළා. මෙහෙට ගෙන්නේ නැතව ඩුබායිවලට යවන්න කියලා. ඒ මිනිස්සු ඕන තරම් සල්ලි වියදම් කරන්න ලැස්තියි. හැබැයි අපි කවදාවත් ඒවට යටවෙන්න එපා. ඒ අය ලෑස්තියි මිලියන ගණන් අපේ ලොකු ලොක්කන්ට දීලා මාව ඇමතිකමින් අයින්කරගන්න. අපි දකුණු පළාත ගත්තොත් කිහිප වතාවක් සාකච්ඡාවල් පවත්වලා කළයුතු දේ තේරුම් කරලා දුන්නා. හරියට රස්සාව කරන්න කියන්න. බැරි අය ඉන්නවා නම් දැම්ම අයින්වෙන්න.”
හරක් කටා ඇමති ටිරාන්ට කෝටි 70ක් අල්ලස් දෙන්න හදලා.. ඇමතිකමෙන් පන්නන්න ඊට වඩා වියදම් කරන්න සූදානම් වෙයි (video)
2023-11-05T09:26:00+05:30
Gossip Lanka Hot News






