ලෝක ආර්ථිකය හැකිළීම ඇතුළු ලෝකය මුහුණ දී ඇති අර්බුදයන් තවදුරටත් උත්සන්න වීමට ඊශ්‍රායල – පලස්තීන යුද ගැටුම හේතු වන බවත් එවැනි තත්ත්වයක් තුළ සමස්ත ලෝකවාසීන්ගේ ම යහපත පිණිස, ඊශ්‍රායල – පලස්තීන යුද ගැටුම සමනයට, සෑම ලෝක බල කඳවුරක් ම වහා ම කටයුතු කළ යුතුව ඇතැයි උත්තර ලංකා සභාගය අවධාරණය කරනවා.
අද (12) බොරැල්ලේ පිහිටි, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති උත්තර ලංකා සභාගයේ පක්ෂ නායක මාධ්‍ය හමුවට එක්වෙමින්, එහි සභාපති ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා එබ අවධාරණය කළා.
මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කළේ, “ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ඇති වෙමින් පවතින යුද ගැටුම අද ලෝකය මුහුණ දී ඇති අර්බුදයන් තවත් උත්සන්න කිරීමක් මිස, ඒවා සමනය කිරීමට හේතුවක් වෙන්නේ නැහැ. මේ යුද ගැටුම උග්‍ර වන තරමට, එයට තවත් රටවල් සම්බන්ධ වන තරමට හැකිළෙමින් තිබෙන ලෝක ආර්ථිකය තවදුරටත් හැකිළෙනවා මිස ප්‍රසාරණය වන්නේ නැහැ. මේ වනවිටත් ආර්ථික අර්බුදයක් හේතුවෙන් ආර්ථිකයේ බරපතළ හැකිළීමකට මුහුණ දී සිටින අපට ද ජාතියක් ලෙස මේ ගැටුමෙහි ප්‍රතිඵල බරපතළ ලෙස දැනේවි. සමස්තයක් ලෙස මුළුමහත් ලෝකයට ම මානුෂවාදීමය කම්පනයට පත් කරන, අඳුරු ප්‍රතිඵල භුක්ති විඳීමට සිදු වේවි. උත්තර ලංකා සභාගය හැටියට අපේ ස්ථාවරය වී තිබෙන්නේ, ‘ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ඇති වෙමින් තිබෙන යුද ගැටුම හැකිතාක් ඉක්මනින් සමනය කර ගැනීම සඳහා ලෝකයේ සෑම බල කඳවුරක්ම කටයුතු කළ යුතුයි" යනුවෙන්.