gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැතිවරණ ක්‍රමය වෙනස් කරන්නේ ඡන්දෙ කල් දාන්නද?

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට එකඟතාවය ලැබුණු බව අධිකරණ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ ,ඒ සඳහා කමිටුවක් පත් කර ඇති අතර, මෙම යෝජනාව සම්බන්ධයෙන් පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කරන බවයි.

ඒ අනුව, මෙම නව මිශ්‍ර මැතිවරණ ක්‍රමය හරහා මන්ත්‍රීවරුන් 160 දෙනෙකු ඡන්දයෙන් ඍජුවම තෝරා ගත යුතු අතර, අනෙක් 65 දෙනා ජාතික හෝ පළාත් මට්ටමින් සමානුපාතික ක්‍රමයකට පත් කර ගත යුතු වෙනවා.

දැනට පවතින පාර්ලිමේන්තු මහා මැතිවරණ ඡන්ද ක්‍රමය යටතේ මන්ත්‍රීවරුන් 196 දෙනෙකු සමානුපාතික ක්‍රමයට දිස්ත්‍රික් මට්ටමින් තෝරා ගන්නා අතර, අනෙක් 29 දෙනා බෙදී ගියේ ඒ පක්ෂවලට හිමිවන ප්‍රසාද ආසන මන්ත්‍රී සංඛ්‍යාව මතයි.

මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ(09) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ  මේ වන විටත් මැතිවරණය කල් දමා ඇති ආණ්ඩුව ලබන වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණද කල් දැමීම සඳහා අවශ්‍ය කරන කූඨ උපක්‍රම සහ පිඹුරුපත් සකස් කරමින් සිටින බවයි.

මැතිවරණ කල් දැමීම හෝ නොපවත්වා සිටීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන බරපතල ප්‍රහාරයක් බැවින් එයට එරෙහිව ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව විපක්ෂනායකවරයා තවදුරටත් සඳහන් කළා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka