gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හොර කල්ලියක් වෙන්නප්පුව සමූපකාර බැංකුවේ කෝටි 07ක රන් බඩු කොල්ල කයි ජනේලයේ ග්‍රිල් කපා බැංකුවට ඇතුළු වී සේප්පුව යන්ත්‍ර ආධාරයෙන් කපලා!

වෙන්නප්පුව වයික්කාල අංගම්පිටිය ප්‍රදේශයේ පිහිටි ග්‍රාමීය බැංකුවකට ඇතුළු වී එම බැංකුවේ ඇති සේප්පුව කපා ඒ තුළ තිබූ රුපියල් කෝටි 07ක වටිනාකමකින් යුත් රන් භාණ්ඩ තොගයක් සොරාගෙන පලා ගොස් ඇතැයි වෙන්නප්පුව මූලස්ථාන පොලීසිය පවසනවා.

මෙම ග්‍රාමීය බැංකුව විවිධ සේවා සමුපකාර සමිතියට අයත් බැංකුවකි.

එම ග්‍රාමීය බැංකුවේ කළමනාකාරවරිය මෙම රන් භාණ්ඩ සොරකම පිළිබඳව වෙන්නප්පුව මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් කර ඇත.

සොරුන් කණ්ඩායම බැංකුවේ ජනේලයේ ග්‍රිල් කපා ඒ තුළින් ඇතුළු වී සේප්පුව යන්ත්‍ර ආධාරයෙන් කපා ඒ තුළ තිබූ රන් භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කරනවා.

බැංකුවේ සී.සී.ටී.වී .කැමරා සවි කර ඇති අතර ඒවායේ ඩී .වී.ආර්. යන්ත්‍රයද සොරුන් විසින් ගලවාගෙන ගොස් ඇතැයිද වාර්තා වනවා.

කෙසේ වෙතත් සැකකරුවන් හඳුනාගැනීමට අවට පිහිටි නිවාසවල සවිකර ඇති සී.සී.ටී.වී. කැමරා රූප රාමු පරීක්ෂා කර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙහෙයුමක් දියත් කර තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka