පාතාලයට දරුණු පහරක් – රට පුරා මර්දන මෙහෙයුම් දිගටම!
පසුගිය මාස තුනක කාලය තුළ රට පුරා වෙඩි තැබීම් 27ක් වාර්තා වී ඇති අතර මෙම වෙඩිතැබීම් කොට අත්අඩංගුවට පත් වෙඩික්කරුවන් හත්දෙනෙකුගෙන් තුන්දෙනෙකු ම ආරක්ෂක අංශ අතර ඇති වූ වෙඩි හුවමාරුවලදී ජීවිතක්ෂයට පත්වී ඇත.
එමෙන් ම මෙම වෙඩි තැබීම් කළ වෙඩික්කරුවන්ට සහය දැක්වූ යතුරුපැදිකරුවන් ද නව දෙණේකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට හැකි වූ අතර ඉන් එක් පුද්ගලයෙකු පොලිසිය අතර ඇති වූ වෙඩි හුවමාරුවලදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
පසුගිය මාස තුනක කාලය තුළ සිදු වූ වෙඩි තැබීම්වලින් වැඩි ම සිද්ධීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාත තුළිනි. එම සංඛ්‍යාව 14කි.
දකුණු පළාතෙන් වෙඩි තැබීම් 9ක් ද සබරගමුව පළාතෙන් වෙඩි තැබීම් 2ක් ද වයඹ සහ ඌව පළාත්වලින් එක් වෙඩි තැබීම බැගින් ද පොලිස් මූලස්ථානයට වාර්තා වී ඇත.
මෙම වෙඩි තැබීම්වලින් මාස 3ක කාලය තුළදී සිදුව ඇති මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව 16කි.
ඉන් 8ක් ම වාර්තා වන්නේ බස්නාහිර පළාත තුළිනි. දකුණෙන් මිනිස් ඝාතන 5ක් ද සබරගමුවෙන් 2ක් ද ඌව පළාතෙන් එකක් ද වාර්තා වී තිබේ.
මාස තුන තුළ බරපතළ තුවාල කිරීම් බස්නාහිරෙන් සිද්ධීන් දෙකක් ද දකුණෙන් 2ක් ද, වයඹෙන් එක බැගින් සිද්ධීන් 5ක් ද වාර්තා වී ඇත. එමෙන් ම මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම් බස්නාහිර පළාතෙන් 4ක් ද දකුණෙන් 2ක් ද බැගින් වාර්තා වී තිබේ.
පොලිස් මූලස්ථානය පවසන්නේ, මේ මාස 3ක කාලය තුළ බස්නාහිර පළාතේ කළ වෙඩි තැබීම්වලට සම්බන්ධ වෙඩික්කරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇති වූ වෙඩි හුවමාරුවලදී දෙදෙනෙකු මිය ගිය බව ත් දකුණු පළාතේ වෙඩි තැබීම් සිදුකළ වෙඩික්කරුවන් දෙදෙනෙකුගෙන් එක් වෙඩික්කරුවෙකු ජීවිතක්ෂයට පත්වූ බව ත් ය.
එමෙන් ම පැදිකරුවන් 7 දෙනෙකුගෙන් එක් පුද්ගලයයෙකු බස්නාහිර පළාතේ ද ජීවිතක්ෂයට පත්ව ඇති අතර දකුණු පළාතේ වෙඩි තැබීම් සිද්ධීන්වලට සම්බන්ධ පැදිකරුවන් 2 දෙනෙකු ම පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව ද වාර්තා විය.
වෙඩි තැබීම් සිද්ධීන්වලට ආධාර අනුබල දුන් පුද්ගලයන් 64 දෙනෙකු පසුගිය මාස තුනක කාලය තුළ අත්අඩංගුවට පත්ව ඇති අතර බස්නාහිර පළාතෙන් 39 දෙනෙකු ද දකුණු පළාතෙන් 15 දෙනෙකු ද සබරගමුව පළාතෙන් පුද්ගලයන් 13 දෙනෙකු ද එම සංඛ්‍යාවට ඇතුළත් වනු ඇත.
එමෙන් ම පසුගිය මාස තුනක කාලය තුළදී ටී 56 ගිනිඅවියක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර එම තුවක්කුව ද සොයා ගෙන ඇත්තේ දකුණු පළාතෙනි. එම අවිය මිනිස් ඝාතනවලට උපයෝගි කර ගෙන තිබිණි. ආරක්ෂක අංශ තුවක්කුකරුවන් සතුව තිබූ ටී 81 වර්ගයේ ගිනිඅවි දෙකක් බස්නාහිර පළාත තුළින් සොයා ගැනීමට හැකි වී ඇති අතර බස්නාහිර පළාතෙන් සොයාගත් තුවක්කුකරුවන් සතුව තිබී ආරක්ෂක අංශ භාරයට ගැනීමට හැකි වූ පිස්තෝල සංඛ්‍යාව තුනකි. රිවෝල්වර් ගණන ද දෙකකි.
පසුගිය මාස තුන තුළ බස්නාහිර පළාතෙන් සොයාගත් මෙරට නිෂ්පාදිත ගිනිඅවි ගණන එකකි. දකුණු පළාතෙන් ද මෙවන් අවියක් පොලිසිය සොයාගෙන තිබිණි.
පසුගිය ජූලි මස 1 වන දා සිට අද දක්වා ගිනිඅවිවලට යොදන ලද නයින් එම්එම් වර්ගයේ ජීව උණ්ඩ 20ක් සහ ටී 81 වර්ගයේ ගිනි අවිවලට යොදන ලද ජීව උණ්ඩ 11ක් ද බස්නාහිර පළාත තුළින් සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබේ.
එමෙන් ම බස්නාහිර පළාත තුළින් මෙම මාස තුනක කාලය තුළ ජීව අත්බෝම්බ දෙකක් ද සොයාගෙන තිබේ.
වෙඩි තැබීමේ සිද්ධීන්වලට තුවක්කුකරුවන් පැමිණි යතුරුපැදි 6ක් බස්නාහිර පළාතෙන් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙන අතර තවත් යතුරුපැදි දෙකක් දකුණු පළාතෙන් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් විය.
එමෙන් ම තුවක්කුකරුවන් වෙඩි තැබීමේ සිද්ධීන්වලට පැමිණි කාර් රථ දෙකක් ද බස්නාහිර පළාතෙන් සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබේ.
මේ අතර, කඳාන පොල්පිතිමූකලාන ප්‍රදේශයේ පදිංචි මාළු ව්‍යාපාරිකයෙකුගේ නිවසකට වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඊයේ (ඔක්. 16) අලුයම පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය.
පොලිස් වෙඩි පහරින් මෙසේ මියගොස් ඇත්තේ, අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන රාමයියා ජෙයරාජ් නමැති 49 හැවිරිදි පුද්ගලයෙකි.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් කඳාන පොල්පිතිමූකලානේ ජය මාවතේ පදිංචි මෙම මාළු ව්‍යාපාරිකයාගේ නිවසට ඉකුත් පස්වැනිදා උදෑසන වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹුණේ කඳාන පොලිසිය මගිනි. මෙම විමර්ශනයේදී අනාවරණය වූයේ මෙම වෙඩි තැබීම කර ඇත්තේ පිස්තෝලයක් උපයෝගි කරගෙන බව ය.
කෙසේ වෙතත් වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ මෙම ව්‍යාපාරිකයා නිවෙසේ නොසිටිය අතර ඔහුගේ බිරිය සහ දරුවන් නිවෙසේ රැඳී සිටිය ද ඔවුන්ගේ ජීවිතවලට හානියක් සිදුව තිබුණේ නැත.
තුවක්කුකරුවන් සිදු කළ එම වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකයාගේ නිවසේ වීදුරු ජනේල දෙකකට අලාභ හානි සිදුව තිබිණි.
විමර්ශන කළ පොලිසිය පැවසුවේ ව්‍යාපාරිකයා බිය ගැන්වීමේ අරමුණෙන් නාඳුනන තුවක්කුකරුවන් මෙම වෙඩි තැබීම කර ඇති බවට සැක කරන බව ය.
කෙසේ වෙතත් කරන ලද දීර්ඝ විමර්ශනයේදී හෙළි වූයේ රුපියල් කෝටියක කප්පම් ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීම නිසා විදේශගත සංවිධානාත්මක අපරාධකරුවකු මෙම ව්‍යාපාරිකයාට මීට දින කිහිපයකට පෙර තර්ජනය කිරීමක් ද සිදුව ඇති බව ය.
මිතුරෙකුගේ ජංගම දුරකතනය හරහා මෙම ව්‍යාපාරිකයා ඇමතූ විදේශගත පුද්ගලයා තමාට රුපියල් කෝටියක කප්පම් මුදලක් අවශ්‍ය බවට ඉල්ලා තිබුණ ද ව්‍යාපාරිකයා එම කප්පම් මුදල ලබා දීම ප්‍රතික්ෂේප කර තිබිණි.
ඒ අනුව දිගින් දිගට ම විමර්ශනය කළ පොලිසිය මෙම වෙඩි තැබීම ඉල්ලූ කප්පම් මුදල් නොදීම නිසා ව්‍යාපාරිකයා බිය ගැන්වීමේ අදහසින් කරන්නට ඇති බවට සැක පළ කළේ ය. එමෙන් ම මෙම වෙඩි තැබීම දැනට ඩුබායි රාජ්‍යයේ ජීවත්වන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ නමැත්තා විසින් මෙහෙයවන ලද්දක් බවට ද පොලිසියේ සැකය විය.
සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හේවාවිතාරණ ඇතුළු කණ්ඩායමක් සිදු කළ විමර්ශනයේදී සීසීටීවී කැමරා පරීක්ෂාවෙන් මෙම වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු හඳුනා ගෙන තිබිණි.
ඒ හඳුනා ගැනීමට අනුව සැකකරු සොයා විමර්ශන ආරම්භ කළ අතර ඊයේ අලුයම මෙම වෙඩි තැබීම් සිද්ධියේ ප්‍රධාන සැකකරු ජෙයරාජ් නමැත්තා සපුගස්කන්ද පොලිස් වසමේ නිවසක සැඟව සිටින බව කඳාන පොලිසියට තොරතුරක් ලැබී තිබේ.
ඒ අනුව, අලුයම 3.30ට පමණ කඳාන පොලිසියේ කණ්ඩායමක් සැකකරු රැඳී සිටි නිවස වටලා තිබේ. පසුව නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනීමට යුහුසුලුවත් ම සැකකරු පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් පොලිස් නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබිණි. පසුව නිලධාරීන්ද ප්‍රතිප්‍රහාර එල්ල කර ඇත.
එම ප්‍රහාරයෙන් පසුව නිවස පරීක්ෂා කිරීමේදී තුවාල ලත් සැකකරු බිම වැටී සිටි අතර පසුව ඔහු රෝහල්ගත කර ඇතත් ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබිණි.
පොලිසිය හා විශේෂ කාර්ය බලකාවය එක්ව අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරමින් පවතී.

2023-10-17T13:24:00+05:30
Gossip Lanka Hot News