ඊශ්‍රායලය – පලස්තීනය කඩිනම් සටන් විරාමයක් ප්‍රකාශ කරනු – උදය ගම්මන්පිල (VIDEO)
ඊශ්‍රායලය, පලස්තීන යුද්ධයට කඩිනම් සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරන්නැයි පාර්ලිමේන්තුවට සභාව කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කරමින් පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (20)පැවසීය.
සාමකාමී විසඳුමක් සඳහා ක්ෂණිකව මැදිහත් වන ලෙස පාර්ලිමේන්තුව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටින බවද ගම්මන්පිල මහතා පැවසීය.
යුද ගැටුම මානුෂීය නීතිය උල්ලංඝනය කරමින් වර්ධනය වෙමින් ඇති හෙයින් ද දෙපාර්ශ්වයටම සහය පළ කිරීමට විවිධ රටවල් ඉදිරිපත් වීමෙන් ලෝක යුද්ධයක් ඇතිවීමේ අවදානමක් මතු වී ඇති හෙයින් ද දැනටමත් මෙම යුද ගැටුම හේතුවෙන් දහස් ගණනක් මියගොස් දස දහස් ගණනක් තුවාල වී ලක්ෂ ගණනක් අහිංසක ජනතාව අවතැන් වී ඇති හෙයින් ද මෙම යෝජනාව ඉදිරිපත් කරන බව ගම්මන්පිල මහතා කීය.
බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා යෝජනාව ස්ථිර කළේය.
සාමකාමී විසඳුමක් සඳහා ක්ෂණිකව මැදිහත් වන ලෙස පාර්ලිමේන්තුව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටින බවද ගම්මන්පිල මහතා පැවසීය.
යුද ගැටුම මානුෂීය නීතිය උල්ලංඝනය කරමින් වර්ධනය වෙමින් ඇති හෙයින් ද දෙපාර්ශ්වයටම සහය පළ කිරීමට විවිධ රටවල් ඉදිරිපත් වීමෙන් ලෝක යුද්ධයක් ඇතිවීමේ අවදානමක් මතු වී ඇති හෙයින් ද දැනටමත් මෙම යුද ගැටුම හේතුවෙන් දහස් ගණනක් මියගොස් දස දහස් ගණනක් තුවාල වී ලක්ෂ ගණනක් අහිංසක ජනතාව අවතැන් වී ඇති හෙයින් ද මෙම යෝජනාව ඉදිරිපත් කරන බව ගම්මන්පිල මහතා කීය.
බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා යෝජනාව ස්ථිර කළේය.
ඊශ්‍රායලය – පලස්තීනය කඩිනම් සටන් විරාමයක් ප්‍රකාශ කරනු – උදය ගම්මන්පිල (VIDEO)
2023-10-20T14:03:00+05:30
Gossip Lanka Hot News