gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ප්‍රේක්ෂක සිත් හඬවා අද සමුගන්නා රංගධරයා : ‌ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ අවසන් කටයුතු අද රාගමදී!

ජැක්සන් ඇන්තනී නම් වූ ඒ අසහාය රංගධරයා අද (12) පස්වරුවේ ඔහුට ආදරය කළ සියල්ලන්ගෙන් සමුගෙන යාමට නියමිතයි. ඔහුගේ දේහය මේවන විට 90/A, 58, වනිගසූරියවත්ත, රාගම පාර, කඩවත යන ලිපිනයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.

ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (12) පස්වරු 03.00ට රාගම ශුද්ධ වූ පේදුරු පාවුළු දේවස්ථානයේදී සිදු කිරීමට නියමිත බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ.

මිය යන විට 65 වැනි වියේ පසුවූ ජැක්සන් ඇන්තනී මහතා, කුමාරි සඳලතා මුණසිංහ මහත්මියගේ දයාබර සැමියා මෙන්ම මාධවී, අකිල මෙන්ම සජිතගේ ආදරණීය පියාණන් ද වනවා.

ප්‍රවීණ රංගධරයෙකු සහ අධ්‍යක්ෂකවරයෙකු, නිෂ්පාදකවරයෙකු මෙන්ම ගායකයෙකු ද වූ ජැක්සන් ඇන්තනී මහතා පසුගිය 09 අභාවප්‍රාප්ත වුණේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දීයි.

2022 වසරේ ජුලි මස 02 වැනිදා, ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු තිදෙනෙකු ගමන්ගත් කැබ් රථය, වන අලියෙකුගේ ගැටී අනතුරකට ලක්වුණේ, අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ දීයි.

එහිදී බරපතළ තත්ත්වයේ පසුවූ ජැක්සන් ඇන්තනී මහතා අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරුණු අතර, අනතුරුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මගින් කොළඹ ජාතික රෝහල වෙත රැගෙන එනු ලැබුවා.

අනතුරුව ඔහු කොළඹ ජාතික රොහලේ දැඩි සත්කාර ඒකකයේ වසර එක හමාරකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියදී ජිවිතයෙන් සමුගත්තේ.

කොන්ගානිගේ ජෝසප් මල්සි ජැක්සන් ඇන්තනි හෙවත් ජැක්සන් ඇන්තනී උපත ලැබුවේ, 1958 වස‌රේ ජූලි 08 වැනිදායි.

ජැක්සන් ඇන්තනී නම් මහා කලාකරුවාට අවසන් ගෞරව දැක්වීම සඳහා පසුගිය 09 වැනිදා රාත්‍රියේ සිට 10 වැනිදා රාත්‍රිය දක්වා කලාකරුවන් දේශපාලනඥයින් සේම ඔහුට ආදරේ කරන මහජනතාව ද පැමිණියේ වැඩනොකැඩීයි.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka