gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දැනට තරග 02යි… තරග දෙකම ලෝක වාර්තා තබා පරාදයි… රටේ අනෙක් දේ දරාගන්නා උපේක්ෂාවෙන්ම ක්‍රිකට් දරා ගන්න හුරු වෙන්න

ජයග්‍රහණයක් පිළිබඳ ශ්‍රී ලංකා කණ්ඩායම සතුව තිබූ බලාපොරොත්තු ගිලිහී ගියේය. අඩසියවසකට ආසන්න ඉතිහාසයක් සහිත එක්දින ලෝක ශූරතා ඉතිහාසයේ වැඩිම ලකුණු ගණනක් හඹා ගොස් ජයග්‍රහණය කළ කණ්ඩායම ලෙස පකිස්ථාන කණ්ඩායම අද ලෝක වාර්තාවක් තැබුවේය.
ශ්‍රී ලංකා කණ්ඩායම ලබා දුන් ලකුණු 344ක ඉලක්කය පන්දු ඕවර 48.2ක දි ඉක්මවා යන්නට පකිස්ථාන ක්‍රීඩකයෝ සමත් වූහ. ඔවුන්ගේ දැවී ගියේ කඩුළු 04ක් පමණි. අප කඩුළු 06කින් පරාදය.
 
ආරම්භක පිතිකරු අබ්දුල්ලා ෂාෆිකිව් පන්දු 103ක් තුළ ලකුණු 113ක් ලැබුවේය. ඊට හතරේ පහර 10කි. හයේ පහර 03කි.

විශිෂ්ටම ඉනිම ක්‍රිඩා කළේ මොහොමඩ් රිස්වාන්ය. ඔහු සිය එක්දින තරග ඉතිහාසයේ වැඩිම   පුද්ගලික ලකුණු ප්‍රමාණය අද වාර්තා කළේය. ඔහු නොදැවී ලකුණු 131ක් ලැබුවේය. ඒ පන්දු 121ක් තුළදී ය. ඊට හතරේ පහර 08ක් සහ හයේ පහර 03ක් ඇතුළත් වූයේය. ඔහු කඩුළු අතර වේගවත් දිවීම ලකුණු රැස් කරගැනිමේ ප්‍රධානම උපාය කර ගත්තේය.

තරගයේ වීරයා මොහොමඩ් රිස්වාන්ය.  පන්දු 48.2ක දී පකිස්ථාන කණ්ඩායම ශ්‍රී ලංකාව විසින් ලබා දුන් ලකුණු 344 ඉලක්කය ඉක්මවා ගියේය.
 
ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 344ක ඉලක්කයක් ලබා දීම අප කා තුළත් යම් බලාපොරොත්තුවක් ඇති කළ බව කිවමනාය.

ශ්‍රි ලංකා ඉනිම

කුසල් මෙන්ඩිස් නැවතත් පිටිය වර්ණවත් කළේය. ඔහු ශතකය ලබා ගත්තේ පන්දු 65ක් තුළය. සධීරත් මනරම් ශකතයක් සහිතවය. එය අන්තර්ජාතික එක්දින තරගයක දී ඔහු ලබා ගන්නා   මංගල ශතකය ය.

අත්දැකීමවලින් බර නිසා කණ්ඩායමට එක් කළ කුසල් ජනිත් මේ තරගයේ දීත් ෆේල්ය. ඔහු ලකුණු නොලබා දැවී යන්නේය. මුහුණ දෙන්නේ පන්දු 03කට පමණි. උරහිසේ ආබාධයෙන් පුහුණු තරගයේ දී ඉවත් වූ අවස්ථාවේ සිට ඔහු ක්‍රීඩා කරන්නේ  මානසික ඒකාග්‍රතාවයක් රහිත තමන් ගැනම විශ්වාසයක් නැති ක්‍රීඩකයෙක් ලෙසය.
 
එහෙත් ශ්‍රි ලංකා කණ්ඩායම වර්ණවත් පිතිකරණය නිරත වූයේය. කුසල් පෙරේරා ලකුණු නොලබා දැවී යනවිට  ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක  පන්දු 61ක දී හතරේ පහර 07ක් සහ එක් හයේ පහරක් සමග   ලකුණු 51 ලැබුවේය.

මේ තරගයේ ශ්‍රී ලංකා ඉනිම අතිශයින්ම වර්ණ ගැන්වූ ක්‍රීඩකයා යළිත් කුසල් මෙන්ඩිස්ය. ඔහු පන්දු 77ක් තුළ හතරේ පහර 14ක් සහ හයේ පහර 06ක් සමගින්    ලකුණු 122ක් ලැබුවේය. කුසල් ශතකය ලබා ගත්තේ පන්දු 65ක දී ය. ඒ දැවැන්ත හයේ පහරක් එල්ල කරමිනි.  ලෝක කුසලාන තරගාවලියක දී මෙතෙක් ශ්‍රී ලංකා පිතිකරුවෙක් වාර්තා කළ වේගවත්ම ශතකය මෙයය.  කුසල් හා පැතුම් ලකුණු 102ක සම්බන්ධතාවයක් දෙවැනි කඩුල්ල වෙනුවේන ගොඩනැගූහ.

අනතුරුව කුසල් සමග එක්  වන්නේ සධීරය. කුසල් සහ සධීර තුන්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 111 කම්බන්ධතාවයක් ගොඩනැගූහ. තුන්වන කඩුල්ල බිඳී යන්නේ ලකුණු 218 දීය  ඒ කුසල් මෙන්ඩිස්ය. කුසල් එල්ල කළ පහර අසීරු උඩපන්දුවක් ලෙස ඉමාම් උල් හක් විසින් රැක ගත්තේය.

මෙවැනි තරගයක උඩ පන්දුවක් අතහැරීම යනු තරගයක් අත හැරීමක් වැනිය. අද කුසල් මෙන්ඩිස්ගේ උඩ පන්දුවක් ඉමාම් උල් හක් විසින් අතහැරියේය. ඒ අතහැරීම අවසානයේ නැවතුනේ ලකුණු 122කිනි.


අනතුරුව සධීර සමරවික්‍රම එක් අන්තයක් රැකගැනීමේ වගකීම ගත්තේය. ඔහු ඉවසීමෙන් මෙන්ම අතිශය විශ්වාසයෙන් යුතුව පන්දුවට පහර දුන්නේය. ඔහු පන්දු 89ක දී ලකුණු 108ක් ලැබුවේය.

දුක හිතෙන පන්දු යැවීම

පන්දු යැවීමේ දෙවැනි පෙළ ස්වරූපය යළිත් කැපී පෙනුණි. මතීෂ පතිරණ දැවැන්ත ප්‍රහාරයකට ලක් වූයේය. ඔහු පන්දු ඕවර 09ක් පමණි. එක් කඩුල්ලක් ලබා ගත් බවත් සැබෑය. එහෙත් ඔහුගේ පන්දු ඕවර 09ට පකිස්ථානු පිතිකරුවෝ ලකුණු 90ක් රැස් කළහ.

ඩිෂාන් මධුසංඛ පන්දු ඕවර 9.2ක් තුළ ලකුණු 60කට කඩුළු 02ක් බිඳහෙළුවේය. මහීෂ් තීක්ෂණ ලකුණු 59කට කඩුල්ලක් ලබා ගත්තේය.

දුනිත් වෙල්ලාලගේ කඩුළු ලබා ගත්තේ නැත. ධනංජය ද සිල්වාට කඩුළු වැටුනේ නැත. දසුන් ශානක පන්දු ඕවර 5ක් යවා ලකුණු 28ක් ලබා දී තමන්ගේ සාමාන්‍ය බේරාගෙන තිබුණේය.  කිසිම අවස්ථාවක පන්දු යවන්න පීඩනයක් එල්ල කරනු දක්නට නොලැබිනි. එවැනි ලිහිල් පන්දු යැවීමක් තුළ පිතිකරුවන් ලකුණු පන්සියයක ඉලක්කයක් ප්‍රතිවාදීන්ට ලබා දුන්නත් වැඩක් නැත

උන් ගහන්නේය. අපේ පන්දු යැවීම මේ තරගාවලියේ අපූරු දෙයක් කළේය.  ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු ගානක් හඹා ගොස්  ජයග්‍රහණය කරන්නට අපේ උන් පකිස්ථානයට පන්දු යැව්වේය.   දකුණු අප්‍රිකාවට ලෝක  කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු ගාන වූ ලකුණු 442ක් රැස් කරන්නට පන්දු යැව්වේය  එමෙන්ම  ලෝක කුසලාන ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කරන්නට පන්දු යැව්වේත් අපිය. තරග දෙකකි. දෙකම පරාදය. පරාද වුනේ ලෝක වාර්තා තබාය.
 
හදාගන්නවා කියා කරන්නට දෙයක් නැත. ස්විප් එකක් ඇදෙනවා සේ වාසනාවට පමණක්  ක්‍රිකට් දිනන්නේ නැත.

අපට යෝජනා කරන්නට ඇත්තේ රටේ අනෙක් දේවල් දැක විඳදරා ගන්නා උපේක්ෂාවෙන්ම ක්‍රිකට් බලන්නත් සැරසෙන ලෙසය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka