gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංකාවට අවාසි තීන්දුවක් ගන්න සූදානම්! ICCයෙන් ක‍්‍රිකට් ආයතනයට තද ලිපියක්!

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර ඇති ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි කිහිපයක හා 2024 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සමුළු සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානමක් මතුව ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ ක්‍රීඩා ඇමැතිවරයා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර පවතින ගැටුම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානියා විසින් යොමු කර ඇති ලිපියේ සඳහන් වන්නේ අදාල තරගාවලි සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්වාධීනත්වය තහවුරු කළ යුතු බවයි.

අදාල තරගාවලි මෙරට පැවැත්වීමට නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බලපෑම්වලින් තොරව රජයේ සහයෝගය ලැබෙන බව තහවුරු කළ යුතු බවද ලිපියේ සඳහන්ය.

නමුත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඇතැම් ක්‍රියාමාර්ග නිසා එවන් බලපෑම් ඇතිවිය හැකි යැයි පවසන ජාත්‍යන්තර ක‍්‍රිකට් ආයතනය කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලැබෙන සහතිකය මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද තවදුරටත් අවධාරණය කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka