gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පුලුස්සා වලලන්නැයි නිර්දේශිත රජයේ ගොවිපලේ වෛරස රෝගී ගවයන් 450ක් මස් කර වෙලදපලට!

ජාතික පශු සම්පත් මණ්ඩලය යටතේ පාලනය වන ආගරපතන ඩයගම සත්ව ගොවිපොලේ බෝවන වෛරසයක් වැලදි තිබු ඔස්ට්‍රේලියාවෙන් මෙරටට ආනයනය කරන ලද  කිරි එළදෙනුන් 450 දෙනෙකු පමණ සත්ව ගොවිපොලේ පාලන අධිකාරිය වසරක කාලයක් තුල වරින් වර මස් පිණිස ප්‍රදේශයේ ගව මස් අලෙවිකරුවන් වෙත අලෙවි කර ඇති බව එම සත්ව ගොවිපොලේ සේවකයින් පවසති.

2010 වසරේ ජාතික පශු සම්පත් මණ්ඩලය විසින් විශාල මුදලක් ගෙවා ඔස්ට්‍රේලියාවෙන් මෙම කිරි එළදෙනුන් මෙරටට ගෙන්වා දේශිය කිරි කර්මාන්තය නංවාලිමට පියවර ගෙන තිබුණද මේ වන විට එම සත්ව ගොවිපොලේ කිසිදු කිරි එළදෙනෙකු නොමැති බවයි ගොවිපොලේ සේවකයින් කියා සිටින්නේ.

වෛරසය වැලදි සිටි කිරි එළදෙනුන් සත්ව ගොවිපොලේ පාලන අධිකාරිය විසින නුවරඑලිය , ගම්පොල , නාවලපිටිය , හැටන් , ආගරපතන යන ප්‍රදේශවල ගව මස් අලෙවිකරුවන් වෙත මුදලට අලෙවි කර ඇති බවත්, එම සතුන් ව්‍යාපාරිකයන්ගේ වාහන වලින් ඇතැම් අවස්තාවල ප්‍රවාහනය කල බවත්, අවස්තා කිහිපයකදි සත්ව ගොවිපොලේ වාහන වලින් එම සතුන් ප්‍රවාහනය කල බවයි සේවකයින් කියා සිටින්නේ.

වෛරසය පැතිර තිබු එළදෙනුන් එන්නත් කර පුළුස්සා වල දැමිමට හෝ සුදුසු රක්ෂිතයකට මුදා හරින ලෙසට සෞඛ්‍ය අංශ විසින් උපදෙස් ලබා දි තිබියදි පාලන අධිකාරිය විසින් එම සතුන් ගොවිපොලේ පාලන අධිකාරිය විසින් මස් පිණිස අලෙවි කර මුදල් උපයාගත් බවයි සේවකයින් කියා සිටින්නේ.

අක්කර 500 ක පමණ වපසරියකින් යුත් ඩයගම සත්ව ගොවිපොලේ තෘණ වගා කර තිබු භුමිවල එම සත්ව ගොවිපොලේ සේවය කල සේවකයින් 53 දෙනෙකු පමණ යොදාගෙන මේ වන විට එලවළු වගාව සිදු කරන බවයි සේවකයින් කියා සිටින්නේ.


දේශිය කිරි කර්මාන්තය නංවාලිම සදහා සුදුසු පරිසරය සහ අවශ්‍ය සියළුම සම්පත් වලින් සමන්විත ගොඩනැගිලි සහිත ඩයගම සත්ව ගොවිපොල පෞද්ගලික අංශයට පවරා ඇති බවද සත්ව ගොවිපොලේ සේවකයින් වැඩි දුරටත් කියා සිටියි.

සේවකයින් නගන චෝදනා සම්බන්ධයෙන් එම සත්ව ගොවිපොලේ කලමණාකරුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ සේවකයින් නගන චෝදනා සම්බන්ධයෙන් දුරකථනය ඔස්සේ පිළිතුරු ලබාදිය නොහැකි බවත්, හැකියාවක් ඇත්නම් සත්ව ගොවිපොලට පැමිණ අවශ්‍ය තොරතුරු ඉහල පාලන අධිකාරියේ අවසර ලබාගෙන ලබාදිය හැකි බවයි.

– රංජිත් රාජපක්ෂ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka