සිනොපෙක් ලංකා සමාගම විසින් ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 95 පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් හයකින් ඉහළ යනු ඇති.
එහි නව මිල රුපියල් 358ක් වනවා.
ඔටෝ ඩීසල් මිල රුපියල් 10කින් ඉහළ දැමීමටයි එම සමාගම කටයුතු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 420ක්.
සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 61කින් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව එහි නව මිල රුපියල් 417ක් දක්වා ඉහළ යනු ඇති.
කෙසේ වෙතත් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල සංශෝධනයක් සිදු කරන නොමැති අතර එය රුපියල් 358කට අලෙවි කරන බවයි එම සමාගම නිවේදනය කළේ.
මෙම ගාස්තු සංශෝධන අද පස්වරු 6.00 සිට ක්‍රියාත්මකයි.
මේ අතර හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක් වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන ගාස්තු ද සංශෝධනය කිරීමට නියමිතයි.
ඒ සෑම මසක ම පළමු වැනිදාට ක්‍රියාත්මක කරන මිල සූත්‍රයට අනුවයි.
දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් හෙට දිනය දක්වා ඉන්ධන මිල සංශෝධනය ප්‍රමාද වූ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
ඒ අනුව අනිද්දා දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය ක්‍රියාත්මක වනු ඇති.
පසුගිය මාසයේ දී ද ඉන්ධන මිල ඉහළ දැමුණා.
මේ අතර ලබන 04 වැනිදා ගෑස් මිල සංශෝධනයක් ද සිදු කිරීමට නියමිත බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ.
පසුගිය මාසයේ දී කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් මිල වැඩි වුණා.