ශ්‍රී ලංකන් ගුවන් යානයක කාර්මික දෝෂයක්… යානය තුළ මගීන් 200ක් පැය ගණනක් රස්තියාදුවේ… රාජ්‍ය ඇමති සිසිර ජයකොඩිත් ඒ අතර!
අද (01) පෙරවරුවේ නේපාලයේ කත්මණ්ඩු නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානය ප්‍රමාද වීම හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගීන් 200 කට අධික පිරිසක් අපහසුතාවට පත්ව ඇත.
ශ්‍රී ලංකන් ගුවන් යානාවල ගුවන් ගමන් ප්‍රමාද වීමේ සාමාන්‍ය අත්දැකීම විඳිමින් නේපාලය බලා යෑමට පැමිණ සිටි රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි ද විඳිමින් සිටියේය.
උදෑසන 7.15 ට මගීන් ගුවන් යානයට ගොඩ වූ අතර ප්‍රමාදය හේතුවෙන් ඔවුන්ට පෙරවරු 11 දක්වා ගුවන් යානයේ රැඳී සිටීමට සිදු විය.
කාර්මික දෝෂයක් හේතුවෙන් ගුවන් ගමන ප්‍රමාද වී ඇති බව වාර්තා වන අතර බලධාරීන් වෙනත් ගුවන් යානයක් ලබා දෙන බවට සහතික වුවද එය දහවල් වනතුරුත් ලැබී නොතිබුණි.
කාර්මික දෝෂයක් හේතුවෙන් ගුවන් ගමන ප්‍රමාද වී ඇති බව වාර්තා වන අතර බලධාරීන් වෙනත් ගුවන් යානයක් ලබා දෙන බවට සහතික වුවද එය දහවල් වනතුරුත් ලැබී නොතිබුණි.
ශ්‍රී ලංකන් ගුවන් යානයක කාර්මික දෝෂයක්… යානය තුළ මගීන් 200ක් පැය ගණනක් රස්තියාදුවේ… රාජ්‍ය ඇමති සිසිර ජයකොඩිත් ඒ අතර!
2023-10-01T21:38:00+05:30
Gossip Lanka Hot News





